13

104 19 8
                                    

ගෙදර ආපු ජිමින් නාලා කාලා ඉවරවෙලා කෙලින්ම රිංගගත්තෙ එයාගෙ කාමරේට.

කාමරේ දොරත් ලොක් කරපු ජිමින් එහෙමම රූටලා බිමින් වාඩිවුණේ අද දවස ඇතුළත වුණු දේවල් මතක් කර කර.

ජිමින්ටත් නොදැනිම ජිමින්ගෙ මූණේ ඒ මතක නිසා ඇඳිලා තිබුණේ ලොකු හිනාවක්.

එයාට දැණුනේ ලොකු නිදහසක්.. සැහැල්ලුවක්..

අද දවස ඇතුළත සාමාන්‍යයෙන් ජිමින් නොකරන ගොඩක් දේවල් අද දවසෙ ජිමින් කළා.

ජිමින් එයාගෙ හිතින් හැදුවා ඒ ලිස්ට් එක.

ජිමින් අද නැටුවෙ ගොඩක් ආසාවෙන්.

ජිමින්ගෙ බෙල්ල එහෙම රිදෙන්නෙත් නෑ අද.

ජිමින් සම්පූර්ණ සතියක් ඇතුළත කතා කරන තරමටම වගේ අද යූන්ගි එක්ක ගෙවුණු පැය කීපෙදි එයා කතා කළා.

ජිමින් එයාව පැය කීපෙකට කලින් අඳුරගත්තු කෙනෙකුත් එක්ක එයාගෙ අඳුරුම මතක බෙදාගත්තා.

ජිමින් ප්‍රින්සිපල් එද්දි පැනලත් දිව්වා.

ඒ වගේම,

එයා එයාට කෙනෙක් ගැන දැනෙන හැටි ගැන අවංකවම ඒ කෙනාටම කිව්වා.

ඒ කරපු කිසිම දෙයක් ගැන ජිමින් පසුතැවුණෙ නම් නෑ.

ඒ වෙනුවට එයාට දැනුණෙ ලොකු සතුටක්.

එයාට දැන් බලාපොරොත්තුවක් තිබුණා.

එයාට බලාපොරොත්තුවක් තිබුණා හෙටත් යූන්ගිව හම්බෙන්න.....

එයත් එක්ක පන්තියෙදි නටන්න....

එයත් එක්ක හිනාවෙන්න....


ජිමින් මේ විදියට හීන ලෝකෙ අතරමන් වෙලා ඉද්දි තමයි එයාගෙ ෆෝන් එකෙන් සද්දයක් ආවා.

ජිමින් ආපු නොටිෆිකේෂන් එක බලද්දි තමයි දැක්කේ....

යූන්ගි ජිමින්ට ෆේස්බුක් එකෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවලා....























ජිමින් ඒක accept කරයිද? 🤭😏🤫

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now