පැට්ව් ටිකට කන්න දෙන කාක්කි දිහා බලන් හිටපු මට මතක් උනේ මගෙ අම්ම දුක් විදල අපිට කන්න දුන්න විදිහ වගේම උදේ දවල් නොබල වැඩ කරපු විදිහ ගැන.. වෙච්ච කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්න මට තවමත් හිතෙන්නෙම හීන ලෝකෙක මම ඉන්නව කියලමයි..
ඒත් මම වැරදිනෙ..ඇස් දෙකටම මගෙ ගෙදර ගිනි අරන් තියෙනව දැක්ක මට තවත් හිතන්න දෙයක් නෑ එයාල මාව දාල හරි ඉක්මනට යන්න ගියා කියල.. ඒත් මගෙ හිත පිළිගන්න ලෑස්‍ති නෑ එයාලගෙ මරනෙ ගැන...
චෙල්ලො.............
ජනේලෙට හේත්තු වෙලා හිටපු මගෙ පිටි පස්සෙන් එයාගෙ කටහඬ ඇහුනත් මම එයාගෙ පැත්ත හැරුනෙ නෑ..මොකද මට මේ වෙලාවෙ එයා එක්ක කතා කරන්න තරම් හොද මානසිකත්වයක නෙමෙයි හිටියෙ.. එයාට නම් මගෙ පවුලෙ අය නැති වෙච්ච එක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්.. මොකද එයාට පවුලක් නෑ.. ඒත් මමයි දන්නෙ පවුලක තියන වටිනාකම.. එහෙම එකේ එයා දැන් ඇවිත් මගෙ හිත හැදෙන්න මොනා කිව්වත් ඒ දේවල් අහන් ඉන්න මට ඕනෙත් නෑ..ඉතින් එයාගෙ මූණ වත් බලන්නෙ නැතුව ඔහේ ජනේලෙ ලග හිටන් හිටපු මන් ලගට එයා හෙමීට එනව කියල මට එයාගෙ අඩි සද්ද වලින් දැනෙද්දි මම හිටියෙ ජනේලෙ යකඩ කූර අතින් පොඩි කරගෙන..
මගෙ පැත්ත හැරෙන්න බබා............
එයා හරිම හෙමින් මාව අල්ලනෙවත් නැතුව කියපු වචන ටිකට උත්තරයක් වත් නොදී අඩු තරමෙ එයා කියන එක නෑහුන වගේ හිටපු මාව එයා බලෙන්ම එයාගෙ පැත්තට හරව ගනිද්දි මට දකින්න ලැබුනෙ එයාගෙ ඇස් වලින් ලොකු දුකක්..
දවසක්ම උබ ඇඳට වෙලා හිටියෙ චෙල්ලෝ..දන්නවද මාව පිස්සෙක් නොවුන ටික ගෙවුන පැය කීපෙදි...................
දවසක් ගෙවුනද..? ඒකත් මම සිහියක් පතක් නැතුව.. එයා කියන දේ ඇත්ත වගේ.. අවුල් උන කොණ්ඩෙයි අපිලි වෙල ඇඳුම් වගේම විඩා බර මූණෙන් කියන්න පුලුවන් එයා මන් ලගටම වෙලා ඉදල නිදි මරල කියන එක නම්..එයාගෙ ඇස් වල තියන කඳුලු වලින්ම පේනවා එයා හොදටම බය වෙලා ගෙවුන පැය ගාන ඉදල තියෙන්නෙ කියන එක.. ඒත් මට එයාගෙ කඳුලු පිහින්නවත් එයා එක්ක කතා කරන්නවත් උවමනාවක් නොවෙද්දි මම ඔහේ එයා දිහා බලන් හිටිය විතරයි....
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️
27 කොටස ✴️
Start from the beginning