25 කොටස ✴️

Začít od začátku
                                    

ඔයා හොදින්.....මම බය උනා අන්නා එදා....

මාව දුවල ඇවිත් බදා ගත්ත එයාගෙ පිට මම අත ගෑවෙ ලාවට වගේ හිනා වේගෙන..

බය වෙන්න එපා දැන්.. අන්නා මේ හොදින් ඉන්නේ...

ආසි අන්නා ඇත්තටම ඔයාව හොදින් බලාගෙන........

තම්බි මගෙන් ඈත් වෙලා ආසි ගැන කියද්දි මම මූණත් රතු කරන් බිම බලා ගත්තෙ තම්බි නක්කල් හිනාවක් දාන් ආසි ගැන කියපු විදිහට..

ඔව් එයා නිසයි අද මම ජීවත් වෙලා ඉන්නෙත්.....

ඒකනෙ මම කිව්වෙ ආසි අන්නා ඔයාට ගොඩක් කැමති කියල......

විකාර......

හැච හැච ගෑවට මම දන්නවා ඔයත් එයාට කැමති කියල.......

පිස්සු කියවන් නැතුව යමු බං ගෙට.....

තම්බි එක දිගටම මට ආසි ගැන කියව කියව මාව අවුල් කරන්න ගත්ත නිසා මම එයාගෙ කරටත් අත දාගෙන එක්කරන් ගියෙ ගෙට.. නැත්තම් තව මොනා මොනා හරි කුප්ප කතා කියවල මගෙ රෙදි ටික ගෙට යන්න කලින් මේ යකා ගලවනවා කියල නම් සුවර් එකක් තිබ්බා හන්ද..

අනෙ මගෙ පුතේ.....

අම්මා...

ගෙට ඇතුල් වෙච්ච ගමන් මන් ලගට දුවන් ආවෙ අම්මා.. ඔහේ පැත්තකට වෙලා කල්පනා කර කර හිටපු එයාගෙ මූණෙ මාව දැක්කම තිබ්බ සතුට.. හරියට රටක් රාජ්‍යක් ලැබුන වගේ මාව බදාගෙන අඬන්න ගත්තෙ..

ආසි දරුව කිව්වත් වගේම මගෙ කොල්ලව පරිස්සමින් බලාගෙන..

අහ්...එයා මෙහෙ ආවද අම්මා...

ඔව්...අද උදෙත් මෙහෙට ආවා ඊයෙත් අපිට කෝල් කරල කිව්ව බය වෙන්න එපා අම්ම සූර් ඉන්නෙ මන් ලග කියල...

මට ඇත්තටම පුදුම හිතුන.. ආසි මට ආදරෙයි කිව්වට මගෙ ගෙදර අය ගැනත් වද වෙන විදිහ ඒ වගේම මාව මලක් වගේ පරිස්සම් කරනවා කියල ගෙදර මිනිස්සුන්ට එයා බයක් සැකක් නැතුව කියන විදිහ.. ඇත්තටම පාතාලයක් රන් කරන හිතක තෙතමනයක් නැති මේ පිරිමි පපුවෙ දරා ගන්න බැරි තරම් මට ආදරේ කරන්න තරම් මාව එයාට හැමදේකටම වඩා වටින කෙනෙක් වෙලාද...ඊයෙ එයාගෙ ඇස් වල තිබ්බ කඳුලු මන් වෙනුවෙන් ඒ හිතේ ඇවිලෙන ගින්න මගෙ මේ පපුවට හොදින්ම දැනුන.. ඇත්තටම මගෙ තම්බි , අම්මා , පාට්ටි කියනව වගේ ඔයා ඇත්තටම මට මේ ලෝකෙ ගැලපෙන එකම මනුස්සයද ආසි...

ආසි 💣 ( ✔️ )Kde žijí příběhy. Začni objevovat