" නෝ එලී .. අර බලන්න "
ජන්කුක් ඔලුව වනලා එලීසට ඔලුවෙන්ම සන් කරලා පෙන්නුවේ බිම තියෙන පොත් ඇහිඳින හෝසෙඔක් ගේ ලඟට කිට්ටු කරන යුන්ගිව ..

" එයා ? "
එලීසා තරහින් බැලුවේ යුන්ගි ත් අනිත් අය වගේම හෝසෙඔක් ව තල්ලු කරගන යාවිද කියලයි .. ඒත් නෑ .. එතන හිටිය කෙල්ලො පවා මුණු මුණු ගාද්දි යුන්ගි නැමිලා හෝසෙඔක් ට එයාගේ පොත් ගන්න උදව්කරන්න ගත්තා .. යුන්ගි ගේ මූණේ අදත් වෙනදා වගේම කිසිම හැඟීමක් තිබුනේ නෑ .. Branded Bag එකකුත් කරේ එල්ලගන යුන්ගි හිස් බැල්මක් හෝසෙඔක් ට දැම්මා ..

" අ අනේ ස්තූතියි "
හෝසෙඔක් කෙනා කවුද වත් නොබලා ගත් කටටම යුන්ගි ටත් ස්තූති කලා .. මොන දේ උනත් හෝසෙඔක් ගේ ඒ මූණේ රැඳෙන නිහතමානී හිනාව හරි ලස්සනයි .. එලීසා වගේම ජන්කුකුත් හෝසෙඔක් ගේ ඒ ගතිගුණයට ආස කලා ...

යුන්ගි ඒක ඒ හැටි ගනන් ගත්තෙ නෑ .. වෙනදා තිබුන සීතල ගතියේ මූණම හෝසෙඔක් ටත් දාලා කොන්ඩෙත් අතකින් වතාවක් පස්සට කරපු එයා එතන හිටිය ගෑණුළමයි දිහා නොබලම ක්ලාස් එකට යන්න හැරුනා .. හෝසෙඔක් බොහොම අමාරුවෙන් එයාගේ අතේ තියෙන පොත් කන්ද ආයෙත් නොවැටෙන්න අල්ලගන්න හැදුවත් එයාට ඒක ගොඩක් අමාරු පාටයි .. යුන්ගි සාක්කුවලට දාගත්තු අත් ආයෙම එලියට ගත්තා .. මුකුත් නොකියම එයා හෝසෙඔක් ගේ අත් වල තිබ්බ පොත්කන්දෙන් පොත් කීපයක් අතට ගත්තේ එතන හිටිය ගෑණුළමයි එයා ලොකූ දෙයක් කලා වගේ සුස් බූස් ගාලා ඇඹරෙන්න ගත්තු එකට නොරිස්සුමෙන් ..

පොත් ටිකත් අරන් හැරෙද්දි යුන්ගි දැක්කා එයා දිහා බලාගන ඉන්න ජන්කුක් වත් එලීසව වත් .. ඒත් යුන්ගි කිසිම වෙනසක් නොපෙන්වා හෝල් එක ඇතුලට යන්න හැරුනේ එලීසා පුදුමෙන් වගේ මේ දිහා බලාගන ඉද්දි ...

" එයා උදව් කලා ? "
එලීසා පුදුමෙන් ජන්කුක් ගෙන් අහද්දි ජන්කුක් කලෙත් උරහිස් ඇකිලුව එක ... ඔව් ජන්කුක් ටත් හිතාගන්න බෑ ඇමරිකාවේ ප්‍රසිද්ධම මොඩ්ලර් උන White prince යුන්ගි , හෝසෙඔක් ට උදව් කලේ ඇත්තටම ද එහෙමත් නැත්තම් අවධානය ගන්නද කියලා ...

ඒ කොහොම උනත් හෝල් එක ඇතුලට යන යුන්ගි බිම බලාගන ලාවට තොල් කොනින් හිනා උනා .. හෝසෙඔක් ගේ පොත් ටික මේසෙන් තියලා ඒ තියුණු කළු ඇස් වලින් එලීසගෙත් ජන්කුක් ගෙත් මේසය දිහා බලපු යුන්ගි තමන්ගේ කම්මුලක් ඇතුල දිවෙන් තෙරපන ගමන් පුටුවක් ඇදලා වාඩිඋනා ...

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now