" එලී ඒක මේ__ "

" ච් .. අතෑරලා දාන්න .. ඒකට කමක්නෑ .. කොහොමත් තව දවසක් යද්දි මිසිස් කිම් අහල පහල ගෙවල් වලට බැනලා , කාවහරි ගෙන්නලා ඔය තාප්පෙ හිල වහගනී "
එලීසා හිනාවෙලා ජන්කුක් ගේ කර වටෙන් අතක් දාලා එහෙම කියද්දි ජන්කුක් පුදුමෙන් එලීසා දිහා බැලුවා ..

" මොකෝ බෙට් එකක් මගෑරියේ කවදාවත් නැතුව ? "

" ඒකට කමක්නෑ .. ඔයා ඊයෙ ආව එක හොඳයි "
හිනාවෙලා ජන්කුක් ගේ කම්මුලට හාදුවක් දුන්න එලීසා ඉස්සර වෙලා යද්දි ජන්කුක් තමන්ගේ කම්මුල අල්ලන් පාරෙ නතර වෙලා ඉස්සරහට යන එලීසා දිහා බලාන හිටියා ...

ජන්කුක් කැමතියි එලීසගේ මේ විදියට .. කෙල්ල හිතලම ජන්කුක් ට ලං වෙන එකට ජන්කුක් ගොඩක් කැමතියි ..

*******

" අහ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අහ්හ් ... චොසොහම්මිදා "
හෝසෙඔක් උස්සන් ආව පොත් ටික එයාගෙ අතෙන් බිම වැටුනා .. ඉස්සරහ හිටිය ගෑණුළමයි ටිකත් බයවෙලා බලද්දි හෝසෙඔක් එයාලගෙන් සමාව ඉල්ලමින් පොතෙන් පොත තනියම ඇහිදින්න ගත්තා ...

ජන්කුක් ගේ අතේ එල්ලිලා ආව එලීසා දුර තියාම දැක්කා හෝසෙඔක් උස්සන් ආව පොත් ටිකට තවත් කොල්ලො දෙන්නෙක් පාරක් ගහලා වට්ටලා දාලා යන හැටි .. හෝසෙඔක් වටේ පිටේ අයගෙනුත් සමාව ඉල්ල ඉල්ල ඒවා එකක් ගානේ එකතු කරද්දි උනත් එතන හිටිය අය හෝසෙඔක් ට උදව් කරන්න ඉදිරිපත් උනේ නෑ .. ලඟින් යන උන් එකෙක් දෙන්නෙක් හෝසෙඔක් අතට ගන්න හදන පොතටත් පොඩි පාරක් ගහලා වට්ටලා දාලා යද්දි එලීසගේ ඇස් හීන් උනා .. කෙල්ල තරහින් හෝසෙඔක් ට උදව් කරන්න ඉස්සර වෙන්න හැදුවත් ජන්කුක් එලීසගේ අතේ වළලුකරෙන් අල්ලගත්තා ...

𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now