24 කොටස ✴️

Start from the beginning
                                    

ඉතින්...

මම එයාට ගෙදරටම වෙලා පරිස්සම් වෙයන් කියල අච්චර කියලත් මගෙ කීම නාහ ගෙයින් එලියට ගිහින් එයා එයාගෙම ජීවිතේ අනතුරේ දාගත්ත එකට මලෙන් හිටිය මම එහෙට යද්දිත් ගොඩක් පරක්කු වෙලා තිබ්බ..

මොකද ඒ වෙද්දිත් මගෙ එකාව බලහත්කාරෙන් ගුරූ අරන් ගිහින් තිබ්බ නිසා.. ඉතින් අද මරාගෙන හරි මැරෙනවා කියල හිතන් ගුරුගෙ පොට් එකට ගිය මම එලියෙ හිටපු සේරම උන් මරාගෙන මරාගෙන ගිහින් අන්තිමට  උන්ගෙ අපායට පය තියල බලද්දි මගෙ එකා ඉන්නව බිම දණ ගහන්.. ගුරූ මගෙ එකාව විනාස කරල දාන්න ගියෙ කියන එක මට තේරුනෙ උගෙ අත් දෙක තිබ්බෙ උගෙ කලිසමේ බෙල්ට් එකේ කියන එක මම ඈත තියාම දැක්ක හන්ද..මට මාවම පාලයන කරගන්න බැරුව ආපු කේන්තිය එක්ක මම එතන හිටපු සේරම මරල දාල අවසානෙදි ගුරූවත් මම බල්ලෙක් ගානට මරල දාල  චෙල්ලො ලගට ඇවිත් එයාගෙත් කන පුපුරන්න අත දිගෑරල ගහන්න ගියත්.. ඒ අහින්සක ඇස් අසරණව මන් දිහා බලාගෙන ඉද්දි මගෙ හිත හයිය උන් නෑ එයාට ගහල රිද්දන්න.. හැබැයි මම කරන්න ගිය දෙයින් බයෙන් වෙව්ල වෙව්ල හිටපු එයා එහෙම්ම සිහි නැතිව ඇදගෙන  මගෙ අත් දෙක අතරට වැටෙද්දි මම ඉක්මනට එයාව තුරුල් කර ගත්ත..

මෙච්චර වෙලා යක්සා වේස වෙලා හිටපු මගේ කේන්තිය ටික ටික නිවිල ගිහින් තිබ්බ වගේම මම එයාගෙ පියවිලා තියන ඇස් දිහා බලන් ඉදල ඒ ලස්සන මූණෙ තැනින් තැන තියන තුවාලත් එයාගෙ ශරීරයෙ හැම තැනම තියන තුවාල පැල්ලම් එක්ක ලේ තියෙනව දැක්ක මගෙ ඇස් වලට කඳුලු උනාගෙන ඇවිත් කම්මුල් දිගේ ගලාගෙන එයාගෙ මූණට ඒ කඳුලු වැටෙන්න ගත්ත වගේම මම එයාව මගෙ පපුවට තුරුල් කරන් වේදනාබර හඬින් මිනී ගොඩක් මැද  මම විතරක් සිහියෙන් හිටපු තැන පලවෙනි වතාවට දරදඩු දුශ්ට ආසිගෙ කටින් එයා නිසා වචන පෙලක් පිට උනා..

උබ අද මාව පිස්සෙක් කරා චෙල්ලෝ..

මගෙ අත් දෙක අතරට එයාව උස්සල ගත්ත මන් එදා එයාවත් අරන් කෙලින්ම ආවෙ මගෙ පොට් එකට.. පලවෙනි වතාවට මම මගෙ රජ මාලිගාවට පිට කෙනෙක් ගෙනාපු එකට පුදුම වෙලා මගෙ ගෝල බලායොත් බලාන ඉද්දි උන්ට රවපු මම එයාවත් අරන් කෙලින්ම උඩ තට්ටුවට ගිහින් ගෙස්ට් රූම් එකකට ගෙනිච්ච එයාව මම ඇද උඩින් පරිස්සමින් තියල එයාගෙ තුවාල සේරටම බෙහෙත් දාපු මම එයාට බෙඩ්ශීට් එකත් පොරවල කාමරෙන් යන්න ගියෙ දුකයි කේන්තියයි දරා ගන්න බැරිම තැන..ඒ අහිංසක ඇස් අඬලම රතු වෙලා ඉදිමිලා තියෙද්දි මලක් වගේ තිබ්බ ඒ පුංචි ඇගේ තුවාල කැලැල් දකිද්දි මට ඇස් වලින් පයින්න යන කඳුලු පාලනයක් නැති තැන මම කෙලින්ම ගියෙ එදා බීච් එකට..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now