හයවෙනි කොටස.

Start from the beginning
                                    

“ පුතා ඔයා ඉන්න ඕනේ නැ. මෙතන ආච්චිලා නැන්දලා ඉන්නවා නේ පුතා ගෙදර යන්න දැන්. ”






අම්මා ඇදගෙන උන්නු චීත්තෙන්  අත පිහදාගෙන අමාරුවෙන් අත දීක් කරලා මගේ ඔලුව අත  ගාලා කිව්වා. අම්ම මට වඩා කොටයි මාත් වැඩි උසක් නැ මගේ වයසේ කොල්ලො එක්ක බලද්දි මමත් කොටයි.






“ මම දවල් වෙලා යන්නම්  කෝ අම්මා. ඒ වෙලේට දහම් පාසල් ඇරෙන නිසා වැඩ වැඩි නේ ”
මම අම්මට කිව්වේ අතේ බැදගෙන උන්නු පුංචි ඔරලොසුව දිහා බලලා.







12.30 සිංහල පූජාව ඉවර වෙනවත් එක්කම මිනිස්සු කාර් වලින් ඇවිල්ලා බැහැලා කරලා අච්චාරු ගද්දී මෙතන එකම කාල ගොට්ටයක් වෙලා තිබුණා.







“ රුපියල් 600 මහත්තයා.”
ඉතුරු සල්ලි ටික දීලා හිනා වෙලා මම ආච්චාරු මල්ලත් දුන්නා.







“ එන්න එන්න මහත්තයා ! අච්චාරු ටිකක් කාලා බලලා අරගන්න...”
අපි ලගින් ගියපු මනුස්සයෙක් ට මම කියන ගමන් ඉස්සරහ බලද්දි මන් දැක්කේ මගේ වයසේ ම වගේ කියන්න පුළුවන් කොල්ලො තුන් දෙනෙක් වෙද්දී  ඉස්සරහින් එන හීනි ඇස් අයිතිකාරයා දිහා නොදැනීම මගේ ඇස් ගැටුනා.

” අපි ලගින් ගියපු මනුස්සයෙක් ට මම කියන ගමන් ඉස්සරහ බලද්දි මන් දැක්කේ මගේ වයසේ ම වගේ කියන්න පුළුවන් කොල්ලො තුන් දෙනෙක් වෙද්දී  ඉස්සරහින් එන හීනි ඇස් අයිතිකාරයා දිහා නොදැනීම මගේ ඇස් ගැටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



“ අහ් මල්ලි! අච්චාරු නැතුව වෙන දෙයක් නැද්ද කාලා බලන්න ?”
එතන උන්නු කොල්ලෙක් අමුතු හිනාවක් එක්ක කියද්දී මට අපහසුවක් දැනුනා.





“ අච්චාරු විතරයි මහත්තයා විකුනන්නේ !”
මම යාන්තම් හිනා වෙලා කියද්දී ඒ හීනි ඇස් කොල්ලා අහක බලාගෙන හිටියා.







“ බොරු නේ මල්ලි ! මෙච්චර රස ඔයාව පොඩ්ඩක් කාලා බලන්න දුන්නා නම් ”
ඒ කොල්ලා අමුතු විදියට තොල හපාගෙන හිනා වෙලා කියද්දී මට බය හිතුණා.මට ඒ වෙලේ හිතුනා අම්මා බය වෙන්නේ මොකටද කියලා.







“ මතීෂ ඔය හොඳටම ඇති! ”
ඒත් එක්කම මන ගැස්සිලා ඒ කටහඩ ආපු දිහා බලද්දී ඒ හීනි ඇස් තියන කොල්ලා අමුතු කේන්තියකින් එයාගේ යාළුවෝ දිහා බලන් හිටියේ එයාගේ යාළුවොත් මම වගේම ගැස්සිලා ඒ කොල්ලා දිහා බලද්දි.






“ අඩෝ මම විහිළුවක් කරේ. ඒ මල්ලි සොරි හොඳේ විහිළුවක් කරේ ! අපිට දිවුල් එකයි වෙරළු එකයි දෙන්න මල්ලි ”
ඒ කොල්ලා හිනා වෙලා කියද්දී මම එයාලා ඉල්ලපුව කප් වලට දාලා අඩුක් කරලා දුන්නේ දඩ බීඩියට. ඉස්සෙල්ලා හිත ගැස්සුණු නිසාද මන්දා මගේ හිත හෙන හයියෙන් කවදාවත් නැති විදියට ගැහෙන්න ගත්තා.





“ මෙන්න මහත්තයා රුපියල් 400 යි ගාන ”






මම අච්චාරු බෑග් එක දික් කරලා කියද්දී මෙච්චර වෙලා අහක බලං උන්නු හීනි ඇස් කොල්ලා මගේ දිහාවට සල්ලි දුන්නා.ඒ එක්කම ඒ ඇස් මගේ ඇස් එක්ක පළවෙනි පාරට පටලෙද්දී මට මහා අමුතු හැඟීමක් දැනුනා. මම දන්නේ නෑ ඒ මොකද්ද දැනෙන හැගීම කියලා.








ඒත් පුංචි වෙලාවකින් එයාගේ ඇස් මගේ ඇස් වලින් අහකට ගන්න ඇස් පිය ගහලා යන්තම් හිනා වෙලා ඒ කොල්ලා ගියේ මාව කන්තරෙක තනි කරලා වගේ හැඟීමක් එක්ක. ඒත් වැඩි වෙලා ඒ ගැන හිතන්න නොදී අක්කා කෙනෙක් ඇවිල්ලා අච්චාරු එකක් ඉල්ලද්දි මම එක කප් එකට දාන්න ගත්තා.







ඒත් අහම්බෙන් මම ඒ කොල්ලො ගිය පැත්ත බලද්දි ඒ වෙලේ ම ඒ ඇස් එක්ක දෙවෙනි පාරටත් මගේ ඇස් හම්බවුණා.





To be counted....



Hyyy...

දැන් තමා කතාව හරියටම පටන් ගන්නේ කතාව හොඳ අවධානයෙන් කියවන්න.

Geethi

ආඩම්බරකාරි Where stories live. Discover now