𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 36

Start from the beginning
                                    

"..එයාලගේ ⁣⁣ඉයර් ප්‍රොජෙක්ට් එකට වුල්ෆ්ස්ලා ගැන කරන්න පටන් අරන්.."

ක්‍රිස්ටියන් කිව්වේ අයිවන්ටත් රවන ගමන්.

"..මාව අදාල කරගන්න එපා.. අනික එවන් ඒක කලින් කිව්වම තමුසෙට අවුලක් තිබ්බේ නෑනේ.."

"..එතකොට දන්නවද මිනිහෝ කැලෑ අස්සේ බඩගාන්න තියෙනවා කියලා.."

"..හරි දැන් මොකක්ද වෙන්නෝන..?"

අයිවන්ගෙයි ක්‍රිස්ටියන්ගෙයි කතාව මැද්දට පැනලා මමා නැටී ඇහුවේ ⁣ඉනට අත් දෙකත් තියාගෙන. එයා අයිවන්ගෙවි ක්‍රිස්ගෙයි මූණවල් දෙක දිහා බලන්නත් බෙල්ල අංශක අනූවක් උස්සන්න ඕන.

"..ජංගල් එක වටේට ගාඩ් එක වැඩි කරන්න ඕන අද දවසම මමා කැටී.. වැඩි ඈතකට යන්නෑ කිලෝමීටර් දෙකක් තුනක් ඇතුලේ කැරකිලා බලනවා.. නැත්නම් හෙට වෙද්දි මගේ හිස නැති කඳ හම්බවෙයි.."

අයිවන් කිව්වේ අර යක්ස පැටව් දෙන්නව මතක් කරගෙන.

කොහොම කොහොම හරි ක්‍රිස්ටියන්වත් ශේප් කරගෙන අයිවන් ආවේ කොලේජ් එක ගාවට. එදා උදේ වරුවේ විතරයි ලෙක්චර්ස් තියෙන්නේ කියලා ඊට කලින් දවසේම දෙන්නා අයිවන්ට කියලා තිබ්බේ ජංගල් එකට යමු කියලා. ලියාම්ටයි අයිවන්ටයි කැලෑව කියන්නේ සාමාන්‍ය තැනක් වුනාට ශෙන්ග් හිටියේ ටිකක් විතර බය වෙලා. අයිවනුයි ලියාමුයි ලඟ ඉන්න එක තමයි එයාට පොඩි හරි සැනසීමකට තිබ්බේ.
උදේ කොලේජ් එකට එද්දි ඩැඩීටත් එයාලා එක්ක යන්න එන්න කියලා අල්ලපු අඩව්ව ශෙන්ග් ලියාම්ටවත් කිව්වේ නෑ. ලැජ්ජාවනේ ඉතින් ඕක දැනගත්තොත්. ශෙන්ග්ගේ ජීවිතේ දැන් එයා වැඩියෙන්ම විශ්වාස කරන එක්කෙනෙක් තමයිනේ පෝල් කියන්නේ. තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන ආදරය ආරක්ෂාව සේරම ශෙන්ග් විඳින්න ගත්තේ පෝල්ව හම්බවුණාම. ඉතින් එයා හිතුවා එයා ෆස්ට් ටයිම් ඩේන්ජරස් වැඩකට යන වෙලාවෙත් පෝල්ව එයා එක්ක එක්ක යන්න. ඒ වුණත් පෝල් කිව්වේ ශෙන්ග් දැන් පොඩි ළමයෙක් නෙමෙයි, එයාට කොච්චර ප්‍රශ්න තිබ්බත් එයා තනියම දේවල් කරගන්න දැන්ම ඉදලා ⁣ඉගෙන ගන්න ඕන කියලා. එයා ඒ දේවල් වලට දැනටම පරක්කුයි කියලා.
ඉතින් කොහොම හරි කොච්චර අඬා වැලපිලා කිව්වත් පෝල් ආවේ නැති නිසා ශෙන්ග්ට සිද්ධ වුණා අයිවනුයි ලියාමුයි එක්ක විතරක් යන්න.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now