21 කොටස ✴️

Začať od začiatku
                                    

ආසි අන්නා...

මෙච්චර වෙලා අපි දෙන්න අතර තිබ්බ නිහඬතාවය බිදල ආසිගෙ ගෝලයෙක් අපි ලගට ඇවිත් ඔලුව පහත් කරගද්දි මම බැලුවෙ කිසිම හිනා පොදක්වත් නැති රවාගෙනම ඉන්න අසි දිහා..

මෙයාව ගිහින් ගෙදරට දාන්න...අර මම කියපු දේවල් ටිකත් කරහන්.. තේරුනාද...?

ඔව් අන්නා...

මාව මේ කොණ්ඩ කුරුල්ලො එක්ක ගෙදර යවන්න හදනව කියල ඇහුන වෙලේ ඉදන් මම හිටියෙ ආසිට රවාගෙන..ඇයි එයා මන් එක්ක එන්නෙ නැත්තෙ කියන එක ගැන මට තිබ්බෙ ආසි එක්ක තරහක්..

දැන් ගෙදර යන්න...

මගෙ දිහාට බැල්මක්වත් නොදී එයාගෙ කීමට ඔලුව වනපු මම එයාගෙ ගෝලය පස්සෙන් හෙමීට යන අතර එක පාරක් අහම්බෙන් හැරිල මම එයා දිහා බලද්දි මගෙ හිත ගැස්සුනේ...එයා මට යන්න ඇරල මන් දිහා බලන් ඉන්නව දැක්කම මට එයාගෙ ඇස් වල තිබ්බ හැඟීම් තේරුම් ගන්න බැරුව ගියා..

නපුරු රැවුල් ආසිව මම අද බදා ගත්ත කිසිම බයක් සැකක් නැතුව.. උබ නම් මාරම වැඩ්ඩෙක්නෙ සූර්.. පාතාල කාරයෙක් උබ ලග දණ ගස්ස ගත්ත එහෙනම්..

හිතට දැනුන අමුතුම හිරියක් එක්ක මම ඉස්සරහ බලාගෙන එතනින් යන්න ගියා..ආසි යන එන ජීප් එකේ ගෙනිහින් මාව ගේ ලගින් දාපු ගෝලයො දෙතුන් දෙනා යන්න යයි කියල හිතුවත්.. එයාල ජීප් එකේ පිටි පස්සෙ ඉටි කොළ වලින් වහල තිබ්බ මලු මලු වගයක් උස්සගෙන මාවත් පෙරලන් ගෙට ගිහින් දාද්දි මම හිටියෙ මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව..

මොනවද මේ...

ආසි අන්නාගෙ කීම තමයි අපි කරන්නෙ බොසා..

උන් තුන් දෙනාගෙන් තඩි මහත එකා මම අහපු දේට එහෙම කියල යන්න යද්දි මෙතන වෙච්ච හැමදේම ගෙදර අයත් බලන් හිටියෙ කටත් ඇරගෙන..

කඩවුලේ අම්මා මේ කෑම බීමනෙ ගෙනල්ල තියෙන්නෙ..

මහ පෙරේතය තම්බි අර ආපු අය ගිය ගමන් ගෙයි මැද තිබ්බ බඩු මලු ටික ඇදගෙන බලල දත් තිස් දෙකම එලියට දාන් කියපු කතාවට මාත් එබිකම් කර කර බැලුවෙ තම්බිගෙ කතාව ඇත්තද කියල..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now