" ආයිශ් මේ බොසා ෆෝන් එක ගන්නෙ නෑනෙ..!!!"

" බොසා මට කිවුවෙනම් අර ඒන්ජල්ගෙ පොටෝ ටිකක් එවන්න කියල..ඒත් කොහෙද ඉතින්..අර තඩි අලියෙක් වගේ එකෙක් ඒන්ජල්ව වහගෙනනෙ හිටියෙ...!! "

" ඒන්ජල්ගෙ පොටෝ ගන්න බැරි උනාට, කට්ටිය ගැන කියන්න හරි එපෑ... කෝ ඉතින්..ඒ මොන උට්ට.කරන්නත් මේ ගොන් බොසා පෝන් එක ගන්නෙ නෑනෙ...!!!"

ගහට එහා පැත්තෙ හිටිය.මනුස්සට තනියෙන් කියෝ කියෝ කෝල් එකක් ගන්න ගමනුයි හිටියෙ..ඒත් මේ මිනිහ දන්නෙ නෑ එයා ඉන්න ගහට අනිත් පැත්තෙ ඉදන් එයා අර කියපු ලොකු අලිය මේක අහගෙන ඉන්නවයි කියල.

ජන්කුක්ගෙ අත් මේ වෙනකොට චිරිබිරියන් වෙන්න මිටමෙලවෙලයි තිබුනෙ.. ජන්කුක් ඇස් ගිනි ගන්නව වගේ රතු පාට වෙලා තියෙද්දි, අත් වල වගේම බෙල්ලෙ ලවා නහර ඉලිප්පිලා තිබුනෙ ජන්කුක් දැන් ඉන්නෙ දරාගන්න බැරි කේන්තියකින් කියල පෙන්වමින්..

" ආහ්..!!!! "

තවත් තප්පරයක්වත් ගතනොකරපු ජන්කුක් එක පාරටම ගහේ අනිත් පැත්තෙ හිටිය මිනිහගෙ බෙල්ලෙන් අල්ලගත්තෙ, බලාපොරොත්තු නොවුන දෙයක් නිසා ඒ මිනිහ ගැස්සිලා පෝන් එකත් විසික් වෙද්දි..

ගිනි පිටවෙන ඇස් වලින් අර මිනිහ දිහා බැලුව ජන්කුක් වචනෙන් වචනෙ බොහොම පැහැදිලි විදියට ඇහුවෙ එක දෙයයි..

" කවුද .... උබ ....දැන්...ඒ.. කිවුව.. ඒන්ජල් ..!"




















" අනේ යුන්ගි හියුන්... කුකී කොහෙද ගියේ..!."

ටේහියුන් ජන්කුක් නැති නිසා කලබලෙන් එයාව හැමතැනම හොයන ගමනුයි හිටියෙ..

ටේහියුන්ගෙ කෑගැහිල්ලට නැව ගිලුනත් බෑන් චූන් සීන් එකේ නිදාගෙන හිටිය යුන්ගි උඩ ගොස් බිම වැටුන.

" කලබල වෙන්න එපා ටේ..කුක්ක පොඩි එකෙක් නෙවෙයිනෙ.. ඔය කොහේට හරි යන්න ඇති...කවුද දන්නෙ උට සුලු දිය බරක්වත් තිබ්බද කියල.. ඔයා මෙන්න මෙහෙට වෙලා ඉන්න.."

යුන්ගි ඈනුම් ඇර ඇර එහෙම කිවුවම ඒකෙන් උනේ ටේහියුන්ගෙ ඇස් වල කදුලු පිරෙන්න ගත්ත එක. එයා හිටියෙ බය වෙලා, එයාගෙ කුකීට ප්‍රශ්නයක් කියල..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now