𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 28

Start from the beginning
                                    

"..තැන්ක්‍යු හොදේ.."

ලියාම් එහෙම කියලා හිස් පොලීතින් එක අරගෙන එයාේ බෑග් එකට ඔබාගත්තා. ශෙන්ග් ඒක දිහා බලන් හිටියේ පුදුම වෙලා. එයා කලින් ගිය කොලේජ් එකේ නම් ඕවා දාන්න ඩස්බින් තියලා තියනවා.
'මෙහේ නැද්ද ඒවා..?'

"..අපි කොලේජ් එකේ තැනින් තැන විසි කරන්නේ නෑ.. මේවා එකතු කරලා ඒවා ගන්න තැන් වලට දෙනවා.. මූන්ලයිට් සිටි එකේ එහෙම තැන් ගොඩක් තියනවා.. කවුරුත් තැන තැන විසිකරන්නේ නෑ.."

ශෙන්ග් ඔළුව හෙල්ලුවේ එයා ඒක තේරුම්ගත්තා කියන්න. හොද වෙලාවට දැනගත්තේ. නැත්නම් එයා ⁣ඒවා ගිහින් විසි කරානම් එහෙම..

ඉතින් දැන් දෙන්නත් එක්ක ආපහු සද්දයක් නැතුව වාඩිවෙලා ඉන්නවා. ලියාම්ටත් හිතාගන්න බෑ කොහොමද ශෙන්ග් එක්ක කතාවක් පටන් ගන්නේ කියලා. ශෙන්ග් සද්දයක් නැතුව පොතක් දිහා බලාගෙන ඉන්නවා.

"..මේ.."

ලියාම් ශෙන්ග්ට කතා කරාම ශෙන්ග් පොතෙන් ඔළුව ඉස්සුවා.

"..ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද..?"

ලියාම් ඒක ඇහුවම ඔන්න ආපහු ශෙන්ග් කලබල වෙන්න ගත්තා.

"..නෑ.. නෑ.. ඔයා අකමැති නම් කියන්න එපා.. මම නිකන් ඇහුවේ.."

ලියාම් කට වහගත්තේ ශෙන්ග් ආපහු සන්සුන් වෙද්දි. එයා අහන්න හදන්නෙම මෝඩ ප්‍රශ්නමනේ.

'මිස් සිම්සන්'

ලියාම් මයින්ඩ් ලින්ක් කරේ ඊළඟ සබ්ජෙක්ට් එක තියන්න ඉන්න මිස් සිම්සන්ට. ⁣සිටි කොලේජ් එකේ හැම ජාතියෙකම ළමයි ඉගෙන ගන්නවා වගේම හැම ජාතියකම ගුරුවරුත් ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ම ඩීටේල් ප්‍රොෆයිල් එකක් ඇල්ෆා ක්‍රිස්ටියන් ගාව තියනවා. ඉතින් බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකේම ඔමේගා වුල්ෆ් කෙනෙක් වුන මිස් සිම්සන් තමයි ඊළඟ සබ්ජෙක්ට් එක උගන්නන්න ඉන්නේ. ඉතින් ලියාම් එයාට පැක් මයින්ඩ් ලින්ක් එකෙන් තමයි කතා කරේ.

'මාස්ටර් ලියාම්'

'එව්ව් මම කොච්චර කියලා තියනවද ඕක කියන්න එපා කියලා මිස් සිම්සන්. මම ඔයාගේ ගෝලයෙක්නේ නිකන් නම කියලා කතා කරන්න.'

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now