"හරි හරි බන්...ඒ ටු ඉසෙට් කියලා දෙන්න උබ මන් කවුරු කියලද හිතේ?...."

පිකාචු outfit එකක් ඇඳගෙන හිටපු මනුස්සයා කියලා හෙල්ලෙන්නවත් බැරි කකුල යන්තන් උස්සලා එයාට සේරම උපදෙස් දුන්න යාළුවට පයින් පාරක් ගැහුවා.වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියේ මින්හෝයො බෝගම්නුයි.

"හරිනෙ බන් එහෙනම්...මම අර හරියෙ ඉදන් බලාගෙන ඉන්නම්...ටිකකින් ඕකි එයි..."

බෝගම් එතනින් යද්දි මින්හෝ පත සයිස් පිකාචු මූණ ඔලුවට දාගත්තා.

බෝගම් එතනින් යද්දි මින්හෝ පත සයිස් පිකාචු මූණ ඔලුවට දාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මේ බ්ලවුස් එක කොහොමද?

වාව්...මේක නම් ඔයාට ගැලපෙයි...මේක ට්‍රයි කරලා බලන්නකෝ..."

"මම ඕවා අඳින්නේ නෑ."

"සොරි අමතක වුනා ඒයි...අර අර ස්කර්ට් එක මට ගැලපෙයිද?...."

"එකතැනක ඉන්න ඒලා."

"ශොපින් කරන්න ආවහම එකතැනක ඉන්න? පිස්සුද අනේ ඔයාට?"

ඒලා ගස්සලා ගිහිල්ලා තව ඇඳුම් රැක් එකකට යද්දි ඔලීවියා ලාවට හිනාවෙලා ඔලුව දෙපැත්තට වනලා එයාගේ පස්සෙන් ගියා.ඔලීවියයි ඒලයි හිටියේ ලේඩීස් සෙශන් එකේ.ශොපින් කරන එක ඔලීවියා අකමැතිම වැඩවලින් එකක් වුනත් එයා ඉතින් ඒලගේ පස්සෙන් වැටිලා හිටියේ ඒලා එකපාරටම අතුරුදහන් වෙන තැන්වත් හොයාගන්න එක ඔලීවියට ලේසි වැඩක් වුනේ නැති නිසා.

ඒ සැරේ දෙන්නම නතර වුනේ එකේක බෑග්ස් තිබුන සෙශන් එකේ.ඒ එක්කම ඔලීවියට කෝල් එකක් ආපු නිසා එයා ඒක ආන්සර් කරන ගමන් පැත්තකට ගියා.ඒලා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා දිලිසි දිලිසි තිබුන එක බෑග් එකක එයාගේ ඇස් නතර වුනා.

"වාව්!"

එයා ඒ බෑග් එකට අත තියන්න ඔන්න මෙන්න වගේ වගේ තියෙද්දි තවත් අතක් ඒ බෑග් එකට අත තියද්දි ඒලාට එයා දිහා බලන්නවත් හම්බුනේ නෑ බෑග් එක ඇඳලා ගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 16, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now