chapter 10

1.8K 282 158
                                    

ලාවට දෑස් විවර කළ ටේහ්‍යුන්ග්ට නුපුරුදු බවක් දැනුනේ නිරායාසයෙන්මයි. යම් ශක්තිමත් දරදඬු කිසිවක් මත තම හිස තිබෙන බවට වටහා ගත් නමුත් ඔහුට වටපිටාවේ කිසිවක් නොපෙනුනේ කිසිදු ආලෝකයක්වත් නොතිබූ නිසා මෙන්ම ඒ වන විට හිරු එළිය ද වැටී නොතිබීම නිසාවෙනි.නමුත් මද වේලාවක් ඇස් පොඩි කරමින් සිටි ටේහ්‍යුන්ග්ට නුපුරුදුත් නොවන හුරුපුරුදුත් නොවන උණුහුමක් දැනෙද්දි අදුරේම තමන් සිටින්නේ යම් අයෙක්ගේ තුරුලේ බව වැටහීමට වැඩි කාලයක් ගියේ නෑ. නමුත් එවෙලෙහි නිරායාසයෙන්ම ඇති වූ චකිතය හේතුවෙන් ටේහ්‍යුන්ග්....

"ආ.............හ්..........."

ඒ කෙනා කවුද කියලවත් බලන්නේ නැතුව හයියෙන් කෑ ගහන ගමන් එයාගෙන් එහාට තල්ලු කරේ ඇදේ කොනේ අත් දෙකත් ඔලුවට පිටිපස්සෙන් තියාගෙන නිදාගෙන හිටපු ජන්කුක් නින්දෙන්ම බිමටම වැටෙද්දි.....ඔව් ඒ ජන්කුක්....

"ආහ්.......අම්මොහ්...ආව්....කොන්ද....."

"ක....කවුද ඔයා....."

වුනේ මොකක්ද කිසි දෙයක් හිතාගන්න බැරුව ජන්කුක් බිමට වැටුණු පාර ටික වෙලාවක් එහෙම්මම හිටියේ නිදිමතේම වගේ..... ඇදේ අනිත් කෙළවරෙන් දඩිබිඩි ගාලා බිමට බැහැලා නැගිට්ට ටේහ්‍යුන්ග් ළග තිබුන ලෑම්ප් එක දැම්මේ කාමරේ ටිකක් එළිය වෙනවත් එක්කමයි....... ටික වෙලාවක් නිදිමතේම බිම ඉදපු ජන්කුක් ටේහ්‍යුන්ගේ කටහඩත් එක්කම එතනින් නැගිටිද්දි ඇදේ එකපැත්තකින් ඉන්න ජන්කුක්ත් ජන්කුක්ට මුහුණලා ඇදේ අනිත් පැත්තෙන් ඉන්න ටේහ්‍යුන්ග්නුත් දෙන්නට දෙන්නා හරියටම දැක්කේ ඒ වෙලාවේ. ජන්කුක්ව දැක ටේහ්‍යුන්ග් පුදුමයෙන්....

"ඔයා........."

ඇස් විසල් කරගෙන ටේ එහෙම කියද්දි වැඩි තැකීමක් නොකළ ජන්කුක් කටකොනින් හිනාවෙලා...

"ලොකු එකා ඇවිල්ලානේ...."

"ඔයා මොකක්ද මෙතන කරන්නේ.... මම...මම කොහෙද මේ ඉන්නේ."

"විකාරයක්... තමුන්ගේ අප්පගේ මැන්ශන් එකේ..."

ජන්කුක් එහෙම කියලා අත පයේ හිරි අරින ගමන් අනිත් පැත්ත හැරෙද්දි ළග තිබුන පොඩි ටේබල් එකේ පොඩි ඔරලෝසුවක් අතට ගත්ත ටේහ්‍යුන්ග්......

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now