Chapter 23

1.7K 250 208
                                    

Comment goal 100

ටේටේට නින්ද යනකන්ම එයාගේ ඔලුව අත ගගා හිටපු ජින් ටේට නින්ද ගිහින් ඇති බව තේරුනාම එතනින් නැගිට්ටේ එයාට බ්ලැන්කට් එකක් පොරවලා.ඒත් එක්කම ජින්‍ කාමරෙන් එළියට ගියේ දොරකඩ හිටපු ජන්කුක් කුතුහලයෙන් ජින් ළගට එද්දි.එතන හිටපු තවත් කෙනෙක් ඇරුණු දොරෙන් එහෙන් මෙහෙන් ඔලුව දාලා ඇතුළ බලන්න උත්සහ කරත් ජින් ආපු ගමන් දොර වැහුව නිසා ඔහුට ඒක කරන්න බැරිවුනා.ඒ බෝගම්.බෝගම්ව එතරම් මීටර් වෙලා නොතිබුන නිසා ජින්ට කතා කරපු ජන්කුක්.....

"එයාට ප්‍රශ්නයක් නෑ නේද?...."

ජින් එළියට ආපු ගමන්ම එයා ඉස්සරහ කුතුහලයෙන් වගේ හිටිය ජන්කුක් එහෙම ඇහුවේ ජින් හිස දෙපැත්තට වනද්දි.එවිට ජන්කුක් සැනසුම් සුසුමක් හෙලද්දි ජින්....

"එයාට කිසිම ප්‍රශ්නයක් නෑ...ඒත් එයාව අල්ලගන්න ආපු එවුන් කවුද? මට කියනවා...මේකත් මිස්ටර් කිම්ගේ වැඩක්ද?...."

ජින් ජන්කුක්ගෙන් එහෙම ඇහුවේ ජින් තාමත් හිතන් ඉන්නේ ජන්කුක් ජේහ්‍යුන්ග්ට කැපවුන කෙනෙක් කියලා නිසා.

"මැන්ශන් එකේ ඉදිද්දි දවසක් ජිමින්ගෙන් කෝල් එකක් ආවා එයාව කිඩ්නැප් කරලා කියලා...ඒත් එයාව බේරගන්න යද්දි වුනේ ටේහ්‍යුන්ග්ව කිඩ්නැප් කරන්න හදපු එක...ඒක හරි ගියේ නැති නිසා මම හිතන්නේ එයාලා අපේ පස්සෙන්ම ඇවිල්ලා...ඒත් මම දන්නවා මේක මිස්ටර් කිම්ගේ වැඩක් නෙවෙයි...එයාට ටේහ්‍යුන්ග්ව කිඩ්නැප් කරපු එක අමතක වෙලා තිබුනත් එයාමයි දවසක් මට කිව්වේ ටේහ්‍යුන්ග්ව හොයාගන්න කියලා....හැබැයි එයා ඒ කිඩ්නැප් එක ගැන හොයන්නවත් මහන්සි වුනේ නෑ...."

"ඒක ඉතින් අහන්න දෙයක් නෙවෙයිනේ....එයා එයාට ඕන දේවල් කරගන්න විතරනේ ගොඩක් දගලන්නේ....ටේහ්‍යුන්ග්ව හම්බුන නිසා දැන් ගානක් නැතුව ඇති...."

ජින් කියද්දි ජන්කුක් සුසුමක් හෙලුවා.ඒත් එක්කම කුමක් හෝ මතක් වෙලා වගේ අත්මිට මොලවගත්තු ජන්කුක්....

"මම මේක හොයාගෙන එන්නම්....."

එතනින් ගියේ ටේහ්‍යුන්ගේ කාමරේ දොර වටේ කැරකෙන බෝගම්ව ජින්ට මීටර් වෙද්දි.

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now