Chapter 26

590 131 94
                                    

"ආ කියල්ල......."

"ආආආ......"

ටේටේ කිව්ව නිසා ජිමින් කට අරිද්දි ජන්කුක් යුන්ගි දෙන්නා පැත්තකට වෙලා වෙන වැදගත් සාකච්ඡාවක හිටියා.

"ඈ කියල්ල......."

"ඈ.................."

ඒ සැරේ ජිමින් දිවත් එළියට දැම්මා.

ඇත්තටම එයාලට ගාර්ඩ්න් එකේදි සිද්ධවුන කිසිම දෙයක් හරියටම තේරුම් ගන්න බෑ.මොකද ජිමින් 'ඩැඩී' ගාගෙන ඇවිල්ලා යුන්ගිගේ බෙල්ලේ එල්ලුන පාර යුන්ගි බැලන්ස් එක හදාගත්තේ හරි අමාරුවෙන්.ඒ වෙලේ ඉදන් යුන්ගිව අතෑරියේ නැති ජිමින්ව බලෙන්ම ටේටේ එක්කගෙන ආවේ 'ටේටේ ඇලෙන්න තා කාටද ඩැඩීලා ඉල්ල පුලුවන්' කියන පුංචි ඉරිසියාවක් එයාගේ හිතට දැනෙද්දි.

එයාගේ සිටුවේශන් එක මොකක්ද කියන එක හරියටම තහවුරු කරගන්න ඩොක්ටර් ටේටේ ටෝච් එකකුත් අල්ලන් ජිමින්ගේ පරීක්ෂණ පවත්වද්දි ජිමිනුත් ඒ සේරටම ෆේස් කරා.මුලින් යුන්ගි එතනට වැඩක් නෑ කියලා හිතලා යුන්ගි එතනින් යන්න හදන හදන සැරේට ජිමින් අත දරුවෙක් වගේ මරහඬ දෙන්න ගත්තු නිසා යුන්ගි එතන හිටියේ මෙලෝ දෙයක් හිතාගන්න බැරුව. ඒ නිසයි එයාලා ගාර්ඩ්න් එකේදි එකිනෙකාට සමාව අරන් නවත්තපු එයාලගේ කතාව කන්ටිනිව් කරගන්න හිතුවේ.


"හ්ම්ම් එහෙනම්....අපි මුලින්ම කිම් කාරයව සාක්ෂි එක්කම අල්ලගෙන ඉමු...ඒකට මට ඔයාගෙන් උදව් ඕනේ....."

යුන්ගි කියද්දි ජන්කුක් ඔලුව වැනුවා.

"අනිවාර්යෙන්ම....කිම්ව අල්ලන්න පුලුවන් හොඳම සාක්ෂි මට දෙන්න පුළුවන්....මට ඕන වුනේ මගේ ක්‍රමේට පලිගන්න...ඒකයි ඒ වගේ සාක්ෂි ගැන........."

"හරි හරි දැන් ඒවා ගැන හිතන්න එපා.....අන්තිමට හරි අපි දෙන්නම තම තමන්ගෙන් වුනු වැරදි තේරුම් ගත්තා....ඉස්සරහට ආපහු ඒ වගේ වැරදි නොවෙන්න වග බලාගමු....."

යුන්ගි කියද්දි ජන්කුක් ලාවට හිනාවුනා.

"එහෙනම් මට පුලුවන්ද මගේ එකම සහෝදරයව පොඩ්ඩක් බදාගන්න...."

යුන්ගි අහද්දි ජන්කුක් ඇස් ලොකු කරගෙන යුන්ගි දිහා බැලුවා.යුන්ගි හිනාවෙනවා දැක්ක පළවෙනි වතාව ඒක.ඒ හිනාව නිසා ජන්කුක්ගේ මූණත් ලොකු හිනාවකින් පිරුණේ දෙන්නම එකිනෙකාව වැළදගන්න හදද්දි වුනත්.......

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें