Chapter 14

1.5K 268 123
                                    

"එහෙනම් අන්කල්...අපි ගිහින් එන්නම්...."

ටේහ්‍යුන්ග් එහෙම කිව්වේ හොස්පිට්ල් එකෙන් එක්කගෙන ගෙදර එක්කගෙන ආපු අන්කල්ට ආචාර කරන ගමන්.ටේහ්‍යුන්ග් ඒ අන්කල් ළගට ළං වෙන්න අඩියක් ඉස්සරහට තියද්දි අන්කල් අඩි දෙකක් පස්සට තිබ්බේ ඈතින් තියෙන කාර් එක ළග යතුර කර කව කව වටපිට බල බල ඉන්න ජන්කුක් දිහා බලාගෙනමයි.

"හරි හරි පුතේ...ස්තූතියි ගෙදරටම ඇරලෙව්වට..."

"ස්තූතියි ඕනේ නෑ අන්කල්...අපේනේ වැරැද්ද..."

"හරි පුතේ....දැන් යන්න...ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්....නෑ මන් කිව්වේ බොඩිගාඩ් ඔයා එනකන් බලන් ඉන්නවනේ දැන් ගොඩක් වෙලා ඉදන්...."

අන්කල් එහෙම කිව්වේ ජන්කුක්ගෙන් ඉක්මනින් ගැලවෙන්න තිබ්බ ඕනකමටමයි.ටිකක් සප්‍රයිස් වුණ ටේහ්‍යුන්ග් මුකුත්ම නොකියා අන්කල් දිහා බල බලම කාර් එක ළගට යන්න ගනිද්දි....

"ටිකක් ඉන්න..."

පිටිපස්සෙන් ඇහුන කටහඬට ටේහ්‍යුන්ග් ආපහු පිටිපස්ස බැලුවා.ඒත් එක්කම ඒ අන්කල්.....

"බොඩිගාඩ් වුනත් එයාගෙන් ටිකක් පරිස්සම් වෙලා හිටියොත් හොදයි...."

"ආ?......ආහ් හා හා...."

ටේහ්‍යුන්ග් පුදුමයෙන් අහලා ආපහු උත්තර දුන්නේ ජන්කුක් මේ අහිංසක මනුස්සයව හොදටම බය කරලා කියලා  කියලා තේරුම් අරගෙන.ටේහ්‍යුන්ග් කාර් එක ළගට ආවත් එක්කම යතුර කරකවන එක නවත්තපු ජන්කුක් වාහනේ දොර ඇරලා ඇතුළට යන්න හදද්දි එකපාරම ටේහ්‍යුන්ග්.......

"ජන්කුක්....."

ජන්කුක් ඇරපු දොර ආපහු වහලා බැලුවේ එතනත් බිම බලාගෙන එක ඇගිල්ලකින් පොළොව හාරන ගමන් ඇඹරෙන ටේහ්‍යුන්ග් දිහා.

"ඒ සැරේ මොකක්ද...."

ජන්කුක් ඇහුවේ දාගෙන හිටපු සන්ග්ලාස් එක ටිකක් පහළට කරන ගමන්.

"මේ....අපි...."

"ඔව් අපි..."

"මේ...ම්ම්ම්....හැබැයි බනින්න එපා හොදේ..."

"හරි හරි බනින්නෑ...කියනවා..."

"මේ....අපි පයින් යමු....."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now