Chapter 32

587 114 57
                                    

"මිසිස් කිම්...අපි මේක ගැන මීට වඩා පැහැදිලිව කතා කරමු...."

"ඩෝන්ට් කෝල් මී මිසිස් කිම්!!!...."

අලුත් මිසිස් කිම්ගේ වොයිස් ඇක්ෂන් එකට හැමෝවම ගල් ගැහිලා ගියා.මේ ආපු අයව ගෙටත් අරගෙන තේත් දුන්නට පස්සේ අලුත් මිසිස් කිම් මොනාදෝ බහුබූතයක් ගැන කියවන්න අරගෙන හරියට අගක් මුලක් තේරුනේ නැති නිසා පරණ මිසිස් කිම් ඒ කියන්නේ අපේ ටේගේ ඔම්මා අන්දුන් කුන්දුන් වෙලා ප්‍රශ්නේ පැටලිලි ටික ලිහාගන්න හැදුවත් ඊටපස්සෙ ඒ අලුත් මිසිස් කිම්ම කිව්ව කතාවට එතන හිටපු හැමෝටම හිතුනේ එක් දෙයයි.

"කිව්වනේ මම මුන් අංගොඩින් පැනලා පොශ් පීපල්ලා වගේ ඇවිල්ලා තියෙන හෝන්තු ටිකක් කියලා....ඇයි වදේ ටිකකට ඉස්සෙල්ලා එයා මිසිස් කිම් කියලා එයාම ඉන්ට්‍රොඩියුස් කරලා දැන් එයාම කියනවා එයාට මිසිස් කිම් කියලා කතා කරන්න එපාලු...ඒ මදිවට අර මේකප් අක්කා...."

"මට පේන්නේ එයා ගොඩක් බාලයි වගේ...."

"හරි මේකප් නංගි...නිකන් අලුත් ග්‍රහලෝකෙකට කඩාගෙන පාත්වෙලා වගේ අපි දිහා බලන්නේ...අර දැන් ජන්කුක් දිහා බලාගෙන....මන් ටිකකට ඉස්සෙල්ලා දැක්කා ඔයා දිහත් බලන් ඉන්නවා....මාත් අහම්බෙන් දැක්කා මන් දිහත් බලන් ඉන්නවා...වට් ද ෆ්.... හෙක්!...."

අන්‍තිම වචන ටික එරික්ගේ කටින් ටිකක් සද්දෙන් පිට  වුනත් ජින් හිටියේ වෙන සිහියක.මොකද මේ තරම් ප්‍රශ්න තියෙන අස්සේ නොදන්න ගෑනු ගෙවල්වලට ගොඩ කරගෙන ගහෙන් වැටිලා හිටපු මිනිහට ගොනා ඇන්නා වගේ වෙයිද කියලා.මොකද ජින්ට ඒ වෙද්දිත් තේරිලා තිබුනේ අමුත්තො තුන්දෙනාට මිස්ටර් කිම් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.

"මට ඉෂිතා කියලා කතා කරන්න...බිකෝස් අයි හේට් කිම්ස්..."

"ඉෂිතා?...."

ටේහ්‍යුන්ගේ ඔම්මා ඇරෙන්න ගෙදර උදවිය හැමෝම ඇස් උඩ තියාගෙන කෑ ගැහුවා.ඒත් එක්කම එරික් ජින් ළගට ළං වුනා.

"අඩේ...මෙයා එංගලන්තේ හිටියට ඉන්ඩියන්ද කොහෙද....බල්ලා කොහෙද දන්නෑ....."

ජිනුත් ඇස් පොල් ගෙඩි කරගෙන ලේඩි දිහා බලාගෙන හිටියා.

"බල්ලා?....."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now