ජන්කුක් කීප වතාවක් කලත් ටේහියුන් නැගිට්ටෙ නැ. ඇති උන බයටම ජන්කුක්ගෙ ඇස් තෙත් වෙද්දි, එයා ටේහියුන්ට කතා කරන ගමන් ආයෙ ආයෙ ඒ වැඩේ කලා.

" කැහ් කැහ්..."

තවත් කීප වතාවක්.ජන්කුක් උත්සක කලාම, හයියෙන් කහින ගමන් ටේහියුන් නැගිට්ටා. පෙවුන වතුර ටික යනකල්ම ටේහියුන් අමාරුවෙන් කහිද්දි, ජන්කුක් ටේහියුන්ගෙ පපුවයි කොන්දයි අතගෑව.

ටික වෙලාවකින් ටේහියුන් සාමාන්‍ය තත්වෙට එද්දි, එයා ඉන්න තැනත්, එයා එක්ක ඉන්න කෙනත් දැකල ඇස් වලට කදුලු ආව. හැමදේම ඉවර කරන්න හිතාගෙන පැන්නත්...එහෙම වෙලා නෑ.

" ක්-කුක්--ආහ්..!! "

චටාස් 👋

" වහපන් කට..!!! තෝ...තෝ අම්මප මට එන කේන්ති..!!! වෙන එකෙක් එහෙමනම් මැරෙන්න ගහනව මම !! "

ටේහියුන් කතා කරන්න ගියත් ඊට කලින් ඉක්මන් උන ජන්කුක් ටේහියුන්ගෙ කනට අතදිගහැරල ගැහුවෙ ඒ පාරට ටේහියුන් විසික් වෙලා ගිහින් ගල් ගොඩට වැටෙද්දි,

ජන්කුක් හිටියෙ හොදටම කේන්ති ගිහින්, ඒක ටේහියුන් උනත් ජන්කුක්ගෙ රතු වෙලා තියෙන ඇස් දෙකෙන් දැක්කා.

* තව ටික වෙලාවක් පරක්කු උනානම්.. එයාගෙ බේබි එයාට නැති වෙනව. *

කියන දේ ජන්කුක්ගෙ මනස පුරා දෝන් කාර දෙද්දි, ජන්කුක් තව තවත් කේන්ති ගත්තා.

" ක්-කුකී.. අ.නේ..."

වැටිච්ච තැනෙන් අමාරුවෙන් නැගිටින්න හදන ගමන් ටේහියුන් කතා කලත් වැඩක් නෑ ජන්කුක් ආයෙ ආයෙ බනින්න පටන් ගත්තා.

" එපා... උබ එක වචනයක් කියන්න එපා... හුත්තො තොට හිතුනෙ නැද්ද මේකෙන් පැනල තෝ මැරුනනම් මට මොකක්ද වෙන්නෙ කියල ආ..!! හරි මම ගැම ඕනි නෑ.. උබේ අම්මා..!!! උබ ඒ ගෑනි ගැන හිතුවද..!!

කාලකන්නියා..ආදරෙයි කියල තෝ මැරිල හරියනවද..!!! උබ මේ වැඩකට නැති ආදරයක් නිසා මැරෙනවද..ආ..!!! ඔය වගේ ලද බොලද වැඩ මට පෙන්නන්නම බෑ...

අනික මතක තියාගනින්...!!! උබ මට ආදරෙයි නම්.... මම වගේ වෙයන්..!!! උබ දැකල තියෙද මම ඔහොම අඩනව, ඔහොම මැරෙන්න හදනව... ඉවසන්නයි, දරාගන්නයි පුරුදු වෙයන්...

මම උබට ආයෙ ආයෙ කියනව බේබි..!!! උබ මට..මේ ජිඔන් ජන්කුක්ට ආදරෙයි නම්..... යකෙක් වගේ මිනිහෙක් වෙයන්.. අන්න එහෙම එකෙක්ට මා එක්ක සතිටෙන් ඉන්න පුලුවන් වෙයි... මතක තියාගනින්.. මම උබ වගේ හැම එකකටම අඩන එකෙක්ටනම් ආදරෙ කරන්නෙ නෑ.. නෑ නෑමයි...!!!!"

ජන්කුක් කියන හැම දෙයක්ම ටේහියුන් අහගෙන හිටියෙ අඩන ගමන්...ජන්කුක් කිවුවෙ ඇත්ත. ඒක ටේහියුන්ට තේරුනා. එයා ජීවිතේ නැති කරගන්න කලින් නිකන්වත් එයා වෙනුවෙන් හැමදේම කැප කරල ඉන්න එයාගෙ ඔම්ම ගැන හිතුවෙ නෑ..හිතුවක්කාර මෝඩ තීරනේ නිසා තව ටිකෙන් එයාගෙ ඔම්මට මොන වගේ දුකක්ද විදින්න වෙන්නෙ කියල ටේහියුන්ට තේරුනේ එවලෙ..

ජන්කුක්ගෙ කේන්තිය සාදාරනයි.. ටේහියුන්ට ඒ පැත්තෙන් හිතන්න තිබුන. මොනා උනත් ජන්කුක් ඇත්තටම ටේහියුන් මේ වගේ හැසිරෙන එකට ආස උනේ නෑ. ආයෙ ආයෙ ටේහියුන් ඒ හිතුවක්කාර තීරනේ ගනියි කියල බය හිතුන නිසා තමයි.ජන්කුක් කිවුවෙ එයා කැමති ලද බොලද අයට නෙවෙයි කියල. ජන්කුක් හිතුව අඩුම එයා එහෙම කියපු නිසාවත් ටේහියුන් එහෙම හැසිරෙන එක නවත්වයි කියල.

" ස්-සමාවෙන්න කූ..."

ටේහියුන් තාමත් හිටියෙ බිම..එයා ජන්කුක් දිහා බලන ගමන් සමාව ගත්තත්.. ජන්කුක් ටේහියුන් ලගට ආවෙ නෑ..

" මගෙන් නෙවෙයි..උබෙනුයි, උබේ ඔම්මගෙනුයි සමාව ගනින්...!!! "

ජන්කුක් එහෙම කියල ටේහියුන් ලගට ඇවිත් ටේහියුන්ව නැගිට්ටෙවුව..

" ආහ්..."

ගල් උඩ කකුල තියනකොටම වගේ ටේහියුන් වේදනාවෙන් කෑගැහුවෙ එයාගෙ තුවාල උන යටි පතුල් නිසා. ජන්කුක් එවලෙ තමයි ටේහියුන්ගෙ කකුල දැක්කෙ..

කිසිම දෙයක් නොකියපු ජන්කුක් එයාගෙ කලිසම් සාක්කුවෙ තිබුන තෙමිච්ච සේවියට් එකක් අරන් ටේහියුන්ගෙ කකුල ගැට ගැහුව. දෙන්නම තෙමිල හිටපු නිසා හීතල දැනුනත් ඒ ඔක්කොටම වඩා ටේහියුන් හිටියෙ වේදනාවෙන් වෙනකොට, ජන්කුක් හිටියෙ පසුතැවීමෙන් වගේම කේන්තියෙන්...

" මෙහෙ වරෙන් යන්න... "





















හායි 👋💛🫂

සූට්ටක් පරක්කු උනා හී හී😁😁

මුන් දෙන්නට මොකද කරන්නෙ....? කියාගෙන යන්ඩ බලන්ඩ...😌

Vote කරන්නනනනනන💚💚💚

මාව follow කරන්නකෝකෝකෝ 😫😫
දැන් 238යි 🤫❤️❤️❤️❤️

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now