" එහෙම උනොත් නම් කොච්චර හොදද ජිනී...මම නම් කැමතියි...අනික සොන් ජී හොද කෙනෙක්... හෝසෙඔක්ට හොදට ගැලපෙනව.."

" මාත් එකගයි ඒකටනම්...ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ හෝසෙඔක් සොන් ජීට කැමති වෙයිද දන්නෙ නැනෙ.."

" ඒක මම බලාගන්නම්කො... හෝසෙඔක් සොන් ජීට ලව් කලේ නැත්නම් ලව් ඇතිවෙන්න ගහනව මම මවෙ සෝස් පෑන් එකෙන්.."

ඔන්න ඔන්න..ඒක අහපු ගමන් නම්ජුන් බය උනා. ඒ වෙලාවෙ නම්ජුන් හිටියෙ පිගානක් මේසෙ උඩට අරන් යන ගමන්., ඉතින් නම්ජුන් එයාගෙ අත් වලින් පිගාම තද කරල අල්ල ගත්තා. ඒ වගේම නම්ජුන්ට හෝසෙඔක් ගැන පොඩි දුකකුත් හිතුන.





ටිකෙන් ටික වෙලාව ගත වෙලා රෑ උනාම, කට්ටියම කූඩාරම මැද තිබුන මේසෙ වටේට බිම එලපු ඉටිකොල උඩින් ඉදගත්ත. හැබැයි එතන හැමෝම හිටියත් ජන්කුක් හිටියෙ නැ. ටේහියුන් හිටියෙ තරහෙන් නිසා එයා ජන්කුක් ගැන හෙවුවෙ නැ.

" යුන්ගි , කෝ කුක්.."

යුන්ගි ලගට ගිහින් කෑම බෙදන ගමන් ජින් ඇහුවම,.බාගෙට නින්දෙ හිටිය යුන්ගි නැගිට්ටා.

" ඔය කොහේ හරි නැතෑ හියුන්..."

" හ්ම්ම්..එන්නෙ නැතෑ..."

ජින් කට්ටියටම කෑ බෙදුව. කට්ටියම කන්න පටන් ගත්ත. ටේහියුනුත් ජිමින් එක්ක හිනා වෙවී කන්න ගන්නකොට, අද බේබිට එයාගෙ කුකීව අමතක වෙලා ගියා.






" කොහෙද කුක්..තාම නැනෙ.."

ජින් කාල ඉවර වෙලා නැගිටිනගමන් කියනකොට, අන්න ඒක අහපු ගමන් කකා හිටිය ටේහියුන් ඔලුව උස්සල වට පිට බලන්න ගත්තෙ කෝ ජන්කුක් කියල.

" ඇයි ජින් හියුන්..."

" බලන්නකො ටේ බෙයා, ජන්කුක් කන්න ආවෙ නැනෙ.."

" ම්-මොකක්.."

ජින් ජන්කුක් කන්න ආවෙ නැ කියල කිවුවම ටේහියුන්ගෙ වචන ගොත ගැහුන. බෝල ඇස් වලට.කදුලු පිරෙද්දි, ටේහියුන්ගෙ අතින් චොප්ස්ටික් දෙකත් අතඇරුන.
ටේහියුන්ට දුකයි. කාරනා දෙකකට, එකක් මෙච්චර වෙලා ජන්කුක් ගැන තමන් බැලුවෙ නැ, අනික එයා ජන්කුක් නොකා ඉන්නකොට කෑව. ඔක්කොටම වඩා ජන්කුක් එක්ක තරහ උන එක ටේහියුන්ව තවත් ඇඩෙවුව.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now