එ...යා...ඇක්සි..ඩන්ට්...උනා...අන්නා...
මොකක්..
ම්...මට...බයයි...අන්නා...ඔයා...ඉක්මනට...එන්නකො...හොස්පිටල් එකට...
හරි හරි...අඬන් නැතුව මට කියන්න.. මොන හොස්පිටල් එකේද ඔයා ඉන්නෙ කියල...
Apollo Hospital එකේ..
මම දැන්ම එනවා...
ෆෝන් එක කට් කරපු මම හිටියෙ ගොඩක් කලබල වෙලා.. ඉක්මනට අතට අහු උන ඇඳුමක් දාන් කාමරෙන් එලියට දුවල ගියෙ තම්බි මට අඬ අඬ කියපු දේවල් ගැන මතක් කර කර..
පුතා...කොහෙද මේ හදිසියෙම යන්නෙ..
ගමනක්...මම එන්න ටිකක් රෑ වෙයි..
තව මුකුත් අම්ම මගෙන් අහන්න කලින් මම හදිසියෙන් වගේ සෙරප්පු දෙකත් දාගෙන ගේට් එකත් ඇරන් පාර දිගේ දුව දුව ගිහින් බස් එකේ නැග්ගෙ තම්බිට මැසේජ් එකක් දාන ගමන්..
📲( මම එන ගමන් අමිත්......)
ෆෝන් එක සාක්කුවෙ දාගත්ත මන් නලලින් ගලන දාඩිය අතින් පිහිද ගන්න ගමන් කල්පනා කරේ.. තම්බි අද යාලුව එක්ක ගිහින් මොනා කරගත්තද.. කොහොමද අර කොල්ල ඇක්සිඩන්ට් උනේ..තම්බිටත් තුවාල එහෙම වෙලාද යන ප්‍රශ්න ගොඩකින් මගෙ හිතම නොසන්සුන් කරල තියෙද්දි..බස් එක ගහපු බ්‍රේක් පාරට මාව ඉස්සරහට තල්ලු වෙච්ච නිසයි.. මම හරි සිහියට ආවෙ..
බහින්න ඕන හෝල්ට් එක පහු වෙලා තියෙද්දි.. මම කඩි මුඩියෙම බස් එකෙන් බැහැල පයින්ම අපහු ආපස්සට යන්න උනේ මගෙ අවසහියෙ හොද කම නිසා තමයි ඉතින්.. කල්පනාව පිට හොස්පිටල් එකටත් ආපු මම රිසෙප්ශන් එකෙන් අහගෙන දෙවනි තට්ටුවෙ කොරිඩෝ එකේ දිගටම එද්දි.. තම්බි එතන තිබ්බ රූම් එහෙකින් එලියට ආවෙ ෆෝන් එකත් කනේ ගහගෙන කා එක්කදෝ කතා කර කර..
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️
12 කොටස✴️
Start from the beginning