chapter 18

61 8 2
                                    

වෙච්ච සිද්දිය වෙලා දැන් විනාඩි පහකට වැඩි අපේ ආකාශ වගේම එයාගේ අනිත් යාළුවෝ set එක කිසි හාවක් හුවක් නැහැ .අන්තිමට කොහොමහරි කට ඇරියේ අනුක

ඒ මොකද්ද බන් ඒ උනේ .

අනේ මන්දා අණුක යමක් උනා තමා

දෙනෙත් එහෙම කිව්වේ අපේ ආකාශ කොල්ලාට ඇහැකුත් ගහලා

අනේ මේ යමක් කමක් නම් උනේ නැහැ ඇයි යකෝ

අහ් අහ් තෝ හිතන්නේ අපිට පොට්ටේ කියලද ඇටයෝ. එතකොට අරූ ඇවිල්ලා කූඩැල්ලෙක් වගේ එල්ලිලා මගේ කට වෙන්න ඇති කෑවේ .අනේ මේ උබ මහා පුංචි පුක්ස් කථානේ කියන්නේ

අණුක අපේ ආකාශ දිහා බලාගෙන කටත් හද හදා කියනකොට ආකාශ නම් හිටියේ ඒ කියන්නේ එයාට නෙමෙයි වගේ .කොහොමත් කොල්ලා දන්නවා අණුක එක්ක කතා කරලා දිනන්න එයා තව පරිණත මදි කියලා .මොකද ඒ කට එතරම් රාජකීය එකක් .

.
.
.
.

අන්තිමට කොහොමහරි කොල්ලො ටික එකතු වෙලා ආකාශ ඇති තරම මඩොලා ඉවර වෙලා එයාලගේ වැඩ වලට ගියේ ආකාශ රතු වෙලා ජම්බු ගෙඩියක් වගේ වෙනකොට

අනේ ඇත්තමයි අර ඇට හිවලා මාව කෑවා අද .මෙහෙමයි කොහොමත් කෑවා තමා .ඒත් දෙයියනේ මන් මගේ යාළුවෝ ඉස්සරහ මෙහෙම චාටර් එකක් කෑවා පළවෙනි පාර .aish හොඳ වෙලාවට campus එකේ මෙහෙම එකක් උනේ නැත්තේ .නැත්නම් campus ගිහිල්ලත් ඉවරයි . මේ 2000 න් පස්සේ ඉපදුන උන්ගේ වැරැද්ද මේක

(ඔය බොරු කතා අනේ .මාත් 2000 න් පස්සේ .ඒත් අපි හොඳ ළමයි හා නැද්ද

                              -   මීට Author- )

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

අන්තිමට කොහොමහරි උදේ වෙච්ච සිද්දිය එක්ක ආකාශ කොහොමහරි වැඩ ටිකත් ඉවර කරගෙන එයාගේ අර අපාය සහායක මිත්‍රයෝ ටිකත් එක්ක එළියට බැස්සේ ගෙදර යන්න .කොල්ලො set එක අද උදේ hotel එකට ආවේ hotel එකේ  වාහනේකින් .ඉතින් කොල්ලො ටික යන්න හිතන් ඉන්නේ එහෙම .ඉතින් හීනි වැහි පොද එක්ක අද hotel එකට අමුතු ලූක් එකකුත් තියේ .

කොල්ලො set එක drive uncle කතා කරන යනවා කියලා එළියට බහිනකොට .මෙන්න බෝලේ උදේ ආපු නාසරණියෝ හතර දෙනා වාහන ටිකත් අරන් ඇවිල්ලා වැඩ්ඩො ටික වගේ වාහන වලට හේත්තු වෙලා ඉන්නවා

ඒ බං ආකාශ මුන් එයි කිව්වට ඇත්තටම එයි කියලා මන් හිතුවේ නැහැනේ

මාත් නැහැ දෙනේතෝ

කොල්ලා ටික බොහොම අමාරුවෙන් හිනාවක් මවාගෙන යාෂ් ලා දිහා බලාගෙන හිටියේ අරුන් ටික කොල්ලො සෙට් එක දිහා බලාගෙන කට කොනින් හිනාවක් දාගෙන ඉද්දී

මොකෝ තමින්ලා ආයේ ආවේ .වැඩ නැද්ද මනුස්සයෝ රස්තියාදු කාරයො ටිකක් වගේ මෙහෙම එන්නේ

ආකාශ කලිසම අස්සේ අතකුත් දාගෙන ඇස් කොනින් යාෂ් දිහා බලන් ඇහුවෙ මුන් ඒ පාර නටන්න යන නාඩගම මොකද්ද කියලා හිතන ගමන් ....

ආකාශ කලිසම අස්සේ අතකුත් දාගෙන ඇස් කොනින් යාෂ් දිහා බලන් ඇහුවෙ මුන් ඒ පාර නටන්න යන නාඩගම මොකද්ද කියලා හිතන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයේ අලුත් එකකින් එන්නම්......

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now