10 කොටස✴️

En başından başla
                                    

පාර මැද්දෙ එහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කරන කොල්ලො කුරුට්ටො ටික දිහාත් බල බල මම මඩ වලවල් වලින් බේරි බේරි අයින දිගේ යද්දි.. මගෙ ඉස්සරහට හිනා වෙවී පිරිමි දෙන්නෙක් එක්ක ආවෙ ආර්යා..

අහ්....කොහෙද මේ යන්නෙ...

ම...මම..මේ..කඩේට යනවා..

ඇයි මේ බය වෙලා..

එහෙම එකක් නෑ...

හරි හරි යන්න එහෙනම්..

මෙච්චර වෙලා අර්යාගෙ මූණ බලල උත්තර නොදුන්න මගෙ වෙනස තේරිලද කොහෙද එයා මට යන්න කියල කියපු නිසා මම දුවල කඩේ ලගට ගියෙ ආර්ය ගිය දිහා හැරි හැරි බල බලමයි..

එයා එක්ක කතා කරන්න බයක් නැති උනාට අර ආසි ලග ඉන්න ගෝලොයො දෙන්න දැක්කම නම් බය හිතෙනවා.. මොකද මරුමුස් පෙනුමක් තියන ඒ මිනිස්සු මන් දිහා කන්න වගේ බලන් ඉද්දි කොච්චර වීරය වගේ මම දැගලුවත් පොඩ්ඩක් හරි හිත හෙල්ලෙනවා ඒ වෙලාවල් වලට..

ඉක්මනට කඩෙන් පොල් ගෙඩියකුත් අරගෙන මම ආපිට ගේ දිහාට එද්දි මගෙ කකුල් දෙක එක තැන හිර වුනේ අර පොඩි උන් එක්ක සෙල්ලම් කර කර ඉන්න අලි බබාව දැකල..

මේ මිනිහ නම් මහ සාපයක්...

පොඩි උන් එක්ක ක්‍රිකට් ගහන ආසි දිහා මම රවාගෙන බලන් හිටියෙ ගෙදට්ට යාගන්න බැරුව..

මගෙ හිත කිව්වෙම සූර් උබ දැන්ම ගිහින් උගෙන් ඉල්ලපන් උබෙ ටීශර්ට් එක කියල.. පස්සෙ ආයෙ මතක් වෙන්න ගත්ත මම එයාගෙ අත හපපු විදිහ සතෙක් වගේ.. ඒ නිසාම මම ඔලුව පහත් කරන් පොඩි උන් ටිකව පාස් කරගෙන යන්න යද්දි..

මොන...මගු....

පාඩුවෙ පාර අයිනෙ ගිය මගේ පිට මැද්දටම තරු පේන්න වැදුන බෝලෙ නිසා මම කේන්තියෙන් කෑ ගහන්න ගියත් අර පොඩි ඇම්බැට්ටයො ටිකට..   වචන සේරම ගිල ගත්තෙ මන් දිහා ඉනට අත් දෙක තියන් බලාගෙන ඉන්න ආසි නිසා...

ඕයි...ඕක එවහන් මෙහෙට...

මට ළමයි ඉස්සරහ සද්දයක් දාපු ආසිට රවාගෙනම මම කකුල් දෙක ලග තියන බෝලෙ එයාගෙ පැත්තට විසි කරද්දි.. එයා එක අතකින් බෝලෙ අල්ලල මන් දිහා බලන් ඉදල අනිත් අතින් මට එයාගෙ ලගට එන්න කියල කතා කරද්දි.. මට පස්ස නොබල දුවල ආපිට කඩේට යන්න හිතුනෙ..ඒ එක්කම මම ලේන් එකේ ගෙවල් දිහා ඇස් යවල  බැලුවෙ මිනිස්සු අපි දිහා බලන් ඉන්නවද කියල ..

ආසි 💣 ( ✔️ )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin