07 කොටස✴️

Beginne am Anfang
                                    

ආසි තනි කළු ජැකට් එකට කළු පාටම දිග කලිසමක් ඇදල ඉන්නව දකිද්දි වෙනදට වඩා කඩවසම් කමක් එයාගෙන් දකින්න ලැබුනෙ.. හැබැයි එයා කර කර හිටපු දේ දැක්කම මාව හිරි වැටිල ගියා..

එයා ගන් එකේ කෑලි ඔක්කොම ගලවල ඒක රෙදි කෑල්ලකින් පිහිද පිහිද ඉන්නව හෙන ආසාවෙන්.. එයාට ඒක සාමාන්‍ය දෙයක් උනාට මගෙ නම් ඇගත් පන නැතුව තිබ්බෙ මේ මනුස්සය නිසා.. කවුද දන්නෙ ඔය ගන් එක ඔච්චර පිහිදන්නෙ මට ඩෝං ඩෝං ගාල වෙඩි තියන්නද කියල..

ලගට එන්න...

මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිම තැන.. එයා මන් දිහා නොබල අත විතරක් මගෙ පැත්තට දික් කරල එයාගෙ ලගට කතා කරද්දි.. මම බයෙන් බයෙන් එයා ලගට යන්න ගියත් ඊට පස්සෙ උනේ මම හීනෙකින්වත් නොවුන දෙයක්..

සලාං________

මගෙ පැත්තට එයා එක පාරට ගන් එක දික් කරපු විදිහට මම බය වෙලා කකුලත් පැටලිලා එයාගෙ ඇගේ ඉදන් මසාල චායි එකත් හලල මාව හෙන කදය වගේ බිම ඇදන් වැටුන...

ආව් පස්ස නෑ වගේ...

ශිට්...මගෙ ජැකට් එක කෑව...බලනව තමුසෙ කරපු වැඩේ නිසා මගෙ ජැකට් එකට වෙච්ච දේ...

මම ඇස් වල කදුළුත් පුරවන් එයා දිහා ඇස් උස්සල බලල දඩි බිඩි ගාල නැගිටල ඔලුව පහත් කරගෙන හිටියෙ එයා කෑ ගහන නිසාමයි...

ම...ම..බය උනානෙ ඉතින්..

බය වෙන්න උබ කිරි සප්පයෙක්ද ආ..දැන් මේකටත් උබ ගෙවන්න ඕන..නැත්තම් දන්නවනෙ මගෙ හැටි...

මට කේන්තියෙන් බැනගෙන බැනගෙන යන එයා දිහා බලද්දි මට හිනා යන්නත් ආවා ටිකක්.. මොකද හෙන ගැම්මෙන් හිටපු මනුස්සය දැන් පිස්සෙක් වගේ දගලද්දි කාටද අනේ හිනා යන්නෙ නැත්තෙ..

ඔයා කොහොමද මට මෙහෙම සලකන්නෙ ආ..මම මෙහෙට අලුත්..ඉතින් මන් කොහොමද ඔයාගෙ හැටි දන්නෙ..

මම එයාගෙ මූණට ඇඟිල්ලක් උලුක් කර කර කියවන්න ගද්දි...ආසි මන් දිහා පුදුම වෙලා වගේ බලාන ඉන්නවා.. එයා ඉතින් ශොක් වෙන්න ඇති.. මොකද මේ ඒරියා එකෙන්ම ආසිත් එක්ක එකට එක කියපු එකම මනුස්සය මම නිසා..

පවුලෙ අයට ඇත්තටම ආදරේ නම් මන් එක්ක පැටලෙන්න එන්න එපා ම්ම්.. මොකද මාත් ආස නෑ ගැරඬි පැටව් මරල නිකන් පව් පුරෝ ගන්න..

ආසි 💣 ( ✔️ )Wo Geschichten leben. Entdecke jetzt