CHAPTER 16 🌕

323 55 4
                                    

තත්පර , මිනිත්තු , පැය , දවස් ගණන් ගෙවිලා සතියක් ගෙවුනේ ඇහි පිල්ලමක් ගහන වේගෙන්. යූනාගෙයි ජොන්කුක්ගෙයි සම්බන්ධෙට තාම ගතිවුනේ සතියක් විතරක් උනත් දෙන්නා අතර තිබුනේ කල්ප ගානක් එකට හිටියා හා සමාන බැඳීමක්. බලන ඕනම කෙනෙක්ට පේන්නෙ එහෙම. මොකද ඒ තරම්ම දෙන්නා ඒ දෙන්නාට ආදරෙයි.
යූනා කොහොමත් කවදත් ජේකේට වචන වලින් කියාගන්න බැරි තරම් ආදරේ කලා. ජේකේ නම් ඉතින් යූනාට කලේ ආදරේ කරන එකද වෛර කරන එකද කියලා ජේකේවත් දන්නෙ නැති දෙයක්නෙ. සතියකට කලින් මිස්ටර් පාක්ට උන ප්‍රශ්නෙත් එක්ක යූනා හිටියෙ සෑහෙන්න කලබලෙන් උනත් ජේකේ යූනා ළඟින්ම ඉදපු නිසා යූනා දැන් නෝමල් වෙලා හිටියෙ. ඒත් විසඳගන්න සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් යූනාගෙ හිතේ උඩින්ම තිබුනා.

අදත් යූනා උදේම නැගිටලා කරන්න තිබුන හැම වැඩක්ම ඉවර කරලා බලාගෙන හිටියෙ ජේකේ එනකන්. ජේකේ යූනා දෙන්නගෙ ලව් එක නිසා එක්කෙනෙක් නම් හිටියෙ නොසෑහෙන්න සන්තෝසෙන්. ඒ ඒජින්. යූනාගෙන් තිබුන කරදර වලින් බාගෙට බාගයක්ම දැන් ජේකේගෙ පැත්තට කැරකිලා නිසා වගේම දවස ගානෙ යූනාගෙ චුරු චුරුව අහන්න නැති නිසා ඒජින් හිටියෙ පුදුම සතුටකින් වගේම නිදහසකින්. ජේකේව දැක්කත් මරන් කන්න තරම් තරහකින් හිටියත් දැන් නම් ඒ තරහ දශමෙක තරම්වත් ඒජින්ගෙ හිතෙ තිබුනෙ නෑ. ජේකේ එනවා කියන්නෙ ඒජින්ට දැන් දෙවියො වඩිනවා හා සමානයි.

යූනා ලෑස්ති වෙලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා කැරකි කැරකි හැඩ බලද්දි ඒජින් රූම් එකට ඇවිත් කම්මුලට අත තියාගෙන යූනා දිහා බලන් හිටියා.

" මොකද උබ "

" අනේ නෑ මුකුත් නෑ "

ඒජින් එහෙම කියලා යූනාගෙ ඇඳ උඩින් ඉඳගෙන අතේ තිබුන බීම එකෙන් ටිකක් බිව්වෙ යූනා කොණ්ඩෙ චුට්ටක් එහෙට මෙහෙට කරගෙන ඒජින්ගෙ පැත්තට හැරෙද්දි.

" අද කොහෙද යන්නේ "

" දන්නෙ නෑ. මිස්ටර් ජොන් ආවම තමයි දැනගන්න වෙන්නේ "

" මේ ඒක නෙවෙයි උබ ජේකේගෙන් ඇහුවෙ නැද්ද මිස්ටර් කිම්ව දන්නෙ කොහොමද කියලා "

" ම්ම්ම් මම ඇහුවා. එයා හරියට උත්තරයක් දෙන්නෙ නෑ පස්සෙ කියන්නම් කියනවා "

RED MOON [ JJK ] Completed Dove le storie prendono vita. Scoprilo ora