ජේකේ වැටුන තැන ඉඳගෙනම වොල්ෆ්ලා දිහා බලාගෙනම හිටියෙ වොල්ෆ්ලා එකපාරටම ඔළුව දෙපැත්තට ගසලා කලබල කරද්දි.
ජින් ඉක්මනට ජේකේගෙ ඉස්සරහට ඇවිත් ජේකේව හරස් කලේ ජේකේ වොල්ෆ්ලව පාලනය කරනවා කියලා තේරුන නිසා. ජින් ජේකේව ගාඩ් කරද්දි වොල්ෆ්ලා හතරදෙනාම එතනින් අයින් උනෙ ජින් ජේකේගෙ අතින් අල්ලලා ජේකේව නැගිට්ටවද්දි." උන් හැදුවෙ මාව මරන්නද? එතකොට ඔයාලද මේ මිනිස්සු මරන් කන්නෙ? මමත් ඔයාලා වගේ නම් මමත් මිනිස්සු මරන් කයිද? "
" කලබල නැතුව ඉදගන්න මම පැහැදිලි කරන්නම් "
" කිසිම වොල්ෆ් කෙනෙක්ට ඔයාව මරන්න බෑ "
" ඇයි? "
" ඔයාට පුළුවන් එයාලගෙ මනස පාලනය කරන්න. හරියට දැන් කලා වගේ "
" මම? මම දැන් එහෙම කලාද? "
" ඔව් ඔයා දැන් එහෙම කලා ඒක තාම ඔයාට තේරෙන්නෙ නෑ. අනිත් එක තමයි ජේකේ මේ මිනිස්සු මරන්නෙ අපි කවුරුත් නෙවෙයි. ඒ වෙන කෙනෙක්. අපි මෙහෙට ආවෙත් එයාව අල්ලගන්න. ඒත් අපිට තාම එයාව අල්ලගන්න බැරි උනා. එකපාරක් එක්කෙනෙක්ව අල්ලගත්තා ඒත් ඊටපස්සෙත් මිනිමැරුම් උනා. අපි එතකොටයි දන්නෙ තවත් කෙනෙක් ඉන්නවා කියලා. අපිට තාම ඒ අනිත් කෙනාව අල්ලගන්න බැරි වුනා "
" ඉතින් ඇයි ඔයාලට බැරි එයා ඔයාලා වගේම කෙනෙක්නෙ "
" එයා අපිට වඩා ගොඩක් පවර්ෆුල් කෙනෙක් ජේකේ. අපි කලින් අල්ලගත්ත කෙනාටත් ඔයාට වගේම අපෙ මනස පාලනය කරන්න පුළුවන් මම හිතන්නේ අනිත් කෙනාටත් පුළුවන්. ඒකයි අපිට තාම එයාට ළං වෙන්න බැරි උනේ "
" අයියො මේ මොනවත් මට තේරෙන්නෙ නෑ. එතකොට දැන් මම මනුස්සයෙක් නෙවෙයිද? මගෙ ඔම්මට මොකක්ද වෙන්නේ දැන්. මම කොහොමද මෙහෙම එයාව බලන්න යන්නේ "
" බයවෙන්න එපා ටික දවසක් ගියාම ඔයාම මේකට හුරු වෙනවා. ඔයාට ඔයාව පාලනය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මතක ඇතුව පුරහඳ පායන දවසට ඔයා මෙහෙට එන්න ඕනෙ. ඔයා එදාට තමයි පලවෙනිපාරට වොල්ෆ් කෙනෙක් වෙන්නේ. එදාට ඔයා තනියම හිටියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි "
आप पढ़ रहे हैं
RED MOON [ JJK ] Completed
काल्पनिकදන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා