"ටේටේ.....අදත් ඔයා හැංගි මුත්තම් කරන්න ගත්තද?...."

"ටේ බබෝ......ටේටේ!!!....."

"ටේටේ.....අද කොහෙද අතුරුදහන් වුනේ?....අනේ මැණික ඔයා ඔහොම සෙල්ලම් කරන්න හොඳ නෑ....."

"දරුවෝ!!!...අනේ මේ ළමයව ගැට ගහලා තියන්න ඕනේ...."

මැන්ශන් එකේ හිටපු ජන්කුක්,එරික්,මාර්ක් වගේම ටේහ්‍යුන්ගේ ඔම්මත් ප්‍රෙශර් නග්ගගෙන කෑ ගහන සද්දෙ ඇහුන යුන්ගි නින්දෙන්ම අතට අහුවුන කොට්ටේ කනට තද කරගෙන ආපහු නිදාගත්තා. තමන්ගේ ලවර් එක්ක ඉන්න ලස්සන දවසක් ගැන ලස්සන හීනයක් දැක දැක හිටපු යුන්ගිට ටිකෙන් ටික එයාගේ බෙල්ල හරියෙන් තෙත් ගතියක් දැනෙද්දි යුන්ගි හීනේ ඇතුළෙ ඉදන්ම හිනාවුනා.

"ඒහ්? එපා....අහ්...මම එක සැරයක් කිව්වා....ඕක නවත්තනවා....."

ඊටපස්සෙ ටික ටික ඒ තෙත ගතිය නිකට හරියට ඇවිල්ලා තොල්වලටත් ඒ තෙත් ගතිය දැනෙද්දි යුන්ගිට හීනේ ඇතුළේ ඉදන්ම ලාවට හිනාවක් ගියා.

"ඔයා දන්නවා ඔය අවුස්සන්න වැඩේට මම කැමති නෑ කියලා...."

රෙබෙට්.... රෙබෙට්.....

"ආහ්?....ඒ කවුද?....."

රෙබෙට්....රෙබෙට්.....

නිකමට වගේ ඇස් ඇරපු යුන්ගිට උදේ තරු පෙනුනේ උදේ පාන්දර ගුඩ්මෝනින් කියන්න වෙන කවුරුත් නෙවෙයි තඩි ගෙම්බෙක් එයාගේ මූණ උඩ ඉන්නවා දැකලා.

"අම්බෝ....ඔම්මා!!!!...."

කැරකිලා ගියපු පාර ඇද පල්ලටම වැටුණ යුන්ගි දණ ගහගෙනම තව ටිකක් එහාට යද්දි බාගෙට ඇරලා තිබුන කාමරේ දොර ඇරගෙන තවත් කෙනෙක් ඇතුළට දුවගෙන ආවා.

"තුතූ...අලේ ඔයා මේද හිටියේ....මන් ස්තෝ ලූම් එකෙත් හෙව්වා...."

"අහ්ම්...අහ්ම්...බ්වෑක්...."

යුන්ගිට නිකන් හාටටැක් වගේ.මෙච්චර වෙලා තෙතට දැනිලා තියෙන්නේ මොකුත් නෙවෙයි ගෙම්බෙක් කියලා තේරුන පාර සිහිය මොන තරම් නැතිවුනාද කියනවා නම් තමන්ගෙම කාමරේ වොශ්රූම් එකක් තියෙනවා කියලත් අමතක වෙලා යුන්ගි එළියටම දුවගෙන ගියේ වොශ්රූම් එකක් හොයාගෙන.

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now