01 කොටස ✴️

Start from the beginning
                                    

මට ඕන නම් මම බීල නෙමෙයි නාල හරි එනව බැල්ලියේ..තෝ මොනවද කරන්නෙ මේ මහ රෑ නැගිටගෙන...

අම්මගෙ කොණ්ඩෙන් ඇදල අරගෙන අප්ප දත් මිටි කාගෙන වැනි වැනි කෑ ගහද්දි.. අනිත් කාමර වල ඉදල මගේ පාට්ටි වගේම තම්බිත් එලියට ආවෙ නිදි ගැට කඩ කඩ..

නවත්තපන් උබල දෙන්නගෙ සණ්ඩුව...අපිට සැනසීමෙන් නිදාගන්න දීපන් රාජා අදවත්.. කාලකන්නිය වගේ බීල ඇවිත් මේ ගෑණිව මරන් කන්න යන්නෙ.. උබට පිස්සුද...?

පාට්ටි මගෙ අප්පගෙ අම්ම.. ඒත් පුතා කියල පාට්ටිට කිසිම ගරු සරුවක් අප්ප කරන් නෑ ..මට නම් මේ හැමදේම දකිද්දි කේන්ති..එන මල හැටියට මට අප්පව මරන්නත් හිතිල තියෙනවා.. මොකද අප්ප නිසා අපි හැමෝම අනන්තවත් දුක් විදල ඇති.. මමයි තම්බි අප්පගෙනුත් ඇති තරම් ගුටි කාල ඇති.. ඇත්තම කිව්වොත් අප්ප බීපු දවසට මේ අහිංසක අපි ටික තමයි එයාගෙ බයිට් එක වෙන්නෙ..

කට වහගෙන පලයන් නාකිච්චියේ...

අම්මව තල්ලු කරල දාපු අප්ප පාට්ටිගෙ බෙල්ලෙන් අල්ලලා තම්බිගෙ ඇගට තල්ලු කරා..හොද වෙලාවට තම්බි අල්ල ගත්තෙ නැත්තම් පාට්ටිගෙ ඔලුව බිත්තියෙ වැදිල මෙතන මල ගෙයක් සිද්ද වෙන්නෙ..

නවත්ත ගනින් අප්ප..තව එක වචනයක් හරි ඔය ජරා කටින් කිව්වොත් මම මේ ගෙදර බඩු හැම එකක්ම කුඩු කරල දානවා...

බලන් ඉදල බැරිම තැන මම කට ඇරියා..අප්පගෙ එකම දුර්වල තාවය තමයි ගෙදර බඩු මුට්ටු...එයාට සල්ලි බාගෙ තියන කාලෙ අරන් දාපු බඩු මුට්ටු තමයි මේ ගෙදර තිබ්බෙ.. ඉතින් එයා බයම ඒ බඩු කැඩිල යයි කියල..මේ වගේ රණ්ඩු කරන හැම වෙලාවකම මම එයගෙ බඩු මුට්ටු ඉස්සරහට දානවා.. එතකොට නම් එයාගෙ ඔය හාලි කට වැහිල පාඩුවෙ ගිහින් නිදා ගන්නවා.. කොච්චර උඩ පැනන් කෑ ගැහුවත් මාරම නෝන්ජල් මනුස්සයෙක් මගෙ අප්ප..

උබට ඔය සෙල්ලම් වැඩි කල් මන් එක්ක දාන්න හම්බ වෙන් නෑ කොල්ලො.. හැබැයි මට වාරයක් ආපු දවසට උබෙ අණ්ඩක් කඩල තමා පස්ස බලන්නෙ..

හා...හා...බලමුකො එදාට..

මට තර්ජනය කරල වැනි වැනි බිත්ති අතගගා අප්ප කාමරේට යන්න යද්දි.. මම බිම ඔලුවෙ අත ගහන් ඉදන් ඉන්න අම්ම ලගින් ඉදගෙන එයාගෙ ඔලුව අත ගෑව.. මම දන්නවා අම්මට ජීවිතේ එපා වෙලා ඉන්නෙ කියල..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now