01 කොටස ✴️

5K 389 58
                                    


සූ...හෙට අපි චෙන්නයි යන නිසා.. අද වෙලාසනින් නිදා ගන්න දරුවෝ..

මම බැල්කනියට වෙලා තරු පිරුන අහස දිහා බලානගෙන හූල්ල හූල්ල ඉද්දි.. අම්ම මන් ලගට ඇවිත් කියපු දේට මම හීනියට හිනා වෙලා ඔලුව වැනුව..

අද මම මුම්බායි ඉන්න අන්තිම දවස..ඒ වගේම මේ ලස්සන අහස දකින අන්තිම දවස.. මම මුම්බායි ජීවත් උනේ චූටි කාලෙ ඉදන්මයි.. මේ පේලි ගෙවල් වල මේ චූටි ගේ අපේම තමයි.. ඒත් මගෙ අම්මගෙ හාට් එකේ තියන සැත්කමකට ගේ විකුණන්න සිද්ද උනා.. ඉතින් අපි හෙට උදේ සදහටම මේ ගේ අතෑරල දාල යනවා..

මට දුකයි මොකද මගේ යාලුවො ඉන්නෙ මෙහෙ.. ඒත් මට සිද්ද වෙනවා අම්ම වෙනුවෙන් මගේ සතුට අතාරින්න..මොකද හැමදේකටම වඩා මේ ලෝකෙ මට වටින්නෙ එයා නිසා..

මෙච්චර වෙලා සීතලේ බැල්කනියට වෙලා හිටපු මම කාමරේට ගිහින් මගේ ඇඳුම් බෑග් එකත් ලෑස්ති කරල පැත්තකින් තියල ඇඳට වැටුන විතරයි..

මගෙ..දේ...වී...උබ..කාල...බීල... සැප...ගන්නවද...මගෙ...අම්මා...වරෙන්..බැල්ලියේ...එලියට..වරෙන්...

නිදාගන්න කියල ඇස් පියාගන්න හැදුව විතරයි.. කරුමෙට මගෙ අප්ප කියන මිනිහ අදත් කන මදය වගේ බීගෙන ඇවිත් මගේ අම්මට කෑ ගහන්න ගත්තා..මම මේ ලෝකෙ කැමති නැති එකෙක්ට ඉන්න වනම් ඒ මගේ අප්ප විතරයි..ඒ වගේම මම උදේ කාලයයි  දවල් කාලයයි සැනසීමෙන් ගෙව්වත් හැම රෑකම නිදා ගන්නෙ ප්‍රශ්න දහසක් හිතේ ගුලි කරගෙන.. කොටින්ම කිව්වොත් මානසිකව පහලටම කඩාගෙන වැටිල මේ අවුරුදු ගානට..

මොකද මගෙ අප්ප කාලයක් තිස්සෙම මෙහෙම බීගෙන ඇවිත් මගෙ අම්මට ගහනවා.. ඉස්සර මගෙ අම්ම ගුටි කාගෙන හිටියත් දැන් මගෙ අම්ම ඉන්නෙ ගොඩක් දුර්වලව..හාට් එකේ ලොකු අමාරුවකින් පෙලෙන මගෙ අම්ම එක්ක අප්ප රණ්ඩු කරන්න හදද්දි මාත් මැද්දට පැනල අප්පට කෑ ගහනවා..මොකද මම කැමති නෑ මගෙ අහිංසක අම්මව මේ මිනිහ නිසා නැති කරගන්න..

තමුසෙ අදත් බීල ආවද මිනිහො..හෙට අපි අලුත් ගෙට යන්න ඉන්නෙ කියල තමුසෙට අමතක උනාද ආ...

සාලෙ මැද අම්මගෙයි අප්පගෙයි රණ්ඩුව ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා සද්දෙන්ම ඇහෙද්දි.. මම ඇඳෙන් බැහැල කාමරෙන් එලියට ඔලුව දාල බැලුවෙ අප්ප දිහා..

ආසි 💣 ( ✔️ )On viuen les histories. Descobreix ara