Chapter 14

114 22 25
                                    

පෙරදා සමලිංගිකත්වය අසම්මත යැයි හංවඩු ගැසූ එම පල්ලියේදි දෙවියන් ඉදිරියේම ජන්කුක් හා ටේහ්‍යුන් ඔවුන්ගේ පලමු සිප ගැනිම සිදු කරා ....



මිනින්තු කිහිපයකට දීර්ඝ වු සිපගැනීමකින් පසුව ජන්කුක් හා ටේහ්‍යුන් මදක් ඈත් වුනා . ටේහ්‍යුන්ගේ සිහින් ඉන වටා එතී තිබූ ජන්කුක්ගේ හැඩි දැඩි අත ලිහිල් වෙනවාත් සමහ තම අත් අතරේ ගුලි කරන් හිටිය ජන්කුක්ගේ කබායෙන් අත් ගනිමින් ටේහ්‍යුන් පියවරක් පිටු පසට තබා ඈත් වුනා .




" ටේහ්‍යුන් අපි යමු . මට වැඩ වගයක් තියෙනවා කරන්න "



ජන්කුක්ගේ හඩ පල්ලිය පුරා පැතිර යමින් දෝංකාර දෙද්දි ගැස්සුන ටේහ්‍යුන් ජන්කුක්ට අවනත වෙමින් දෙවියන් වහන්සේට නැවත් වරක් වැදලා ජන්කුක් සමගම පල්ලියෙන් පිට වුනා . පල්ලියේ ද්වාරය අසල රදවා තිබූ කුඩය අතට ගත් ජන්කුක් එක අතක් ටේහ්‍යුන්ගේ අතකින් අල්ලා ගත්තා .



" හි..හියුන් "



ටෙහ්‍යුන් දෑස් ලොකු කරමින් ටේහ්‍යුන්ගේ මෙන්ම ජන්කුක්ගේ අත් එකිකෙන බැදී ඇති ආකාරය හා කිසිදු හැගීමක් නැතුව ඔහු දෙස බලා සිටින ජන්කුක් දෙසත් මාරුවෙන් මාරුවට යොමු කරා .



" ඇයි "



ජන්කුක් එක ඇහි බැමක් ඔසවා ටේහ්‍යුන්ගෙන් අසන ගමන් ඔහුගේ අතින් තව තව ටේහ්‍යුන්ගේ ඇගිලි තද කරා .





" මේ..මේ "


ටේහ්‍යුන් කියන්නට යන දේ ඉවෙන් වගේ වටහාගත් ජන්කුක් ටේහ්‍යුන් තව යමක් කියන්නට පෙරම ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන පාරට ආවා . තව කිසිවක් කීවත් ඔහුගේ අත ගලවාගත නොහැකි බව තේරුන ටේහ්‍යුන් ජන්කුක් සමගම ආවේ වටපිට හොදට විමසිලි කරමින් .

පැවති අන්ධකාරය තව තව වැඩි වුනෙ පිනි වැස්ස ටික ටික වැඩි වෙද්දි . ඒ ගැන තැකීමක් නොකරපු ජන්කුක් වටපිට බලමින් ඔහු හා සමානව ගමන් ගන්න උත්සහ කරන ටේහ්‍යුන් දිහා බැලුවා .

ජන්කුක් සමග සසදන විට ටේහ්‍යුන් ශරිරයෙන් කුඩාය . ටේහ්‍යුන් ජන්කුක්ගේ උරහිසේ හා සමාන උසක් ඇති අතර ජන්කුක්ගේ හැඩි දැඩි නහර පිරුණු අත් වෙනුවට ටේහ්‍යුන්ගේ අත් කුඩා සියුමැලි මල් පෙත්තක් තරම් සිනිදු ය . ජන්කුක් වේගෙන තබන දිගු අඩි අල්ලන්නට මෙන් ටේහ්‍යුන් මදක් වේගෙන් ජන්කුක් හා සමානව ගමන් ගන්න උත්සහ කරත් තව දුරටත් එය කිරීමට නොහැකි බව වැටහුනු ජන්කුක් ඔහුගේ වේගය බාල කරමින් ටේහ්‍යුන් සමග ගමන් ගන්නට වුනා .


1990 𝐈𝐧 𝐒𝐞𝐨𝐮𝐥 ┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 Where stories live. Discover now