Chapter 13

176 38 35
                                    


වෙනදට කාර්‍යබහුල මාර්ගය අද බොහෝ නිස්කලංකයි . එයට හේතුව නම් අද දින සතිඅග නිවාඩු දිනයක් නිසත් බොහෝ දෙනෙක් විවේක සුවයෙන් නිවෙස්වල ඉන්න නිසත් උදය වරුව නිස්කලංක වෙන්න බොහෝ දුරට බලපාන්නට විය .

අවට තියෙන සීතල මීදුමත් එක්ක ටේහ්‍යුන් ජන්කුක්ට හිතින් බැන වදින ගමන් පාර දිගේ හෙමි හෙමින් ඉස්සරහට ඇදුනා . ජන්කුක්ගේ ගෙදර පෙනෙන නොපෙනෙන තරම් දුරකට ගිහින් ටෙහ්‍යුන් ආයෙත් හැරිලා බැලුවා .

" මට තනියම යන්න බැ . "

ආයෙත් හැරුණ ටේහ්‍යුන් වේගෙන අඩි තියන ගමන් ජන්කුක්ගෙ ගේට්ටුව ලගට ඇවිත් එක අතක කුඩේ රදවන් අනිත් අතින් හය්යෙන් ගේට්ටුවට ගැහුවා .

ජන්කුක්ට උදේ කෑම වේල හදන ගමන් හිටපු සොයෝන් කරන වැඩේ පැත්තක දාලා ඉක්මනට එලියට ගිහින් ගේට්ටුව ඇරියා .

බලාපොරොත්තු නොවුන කෙනෙක් ගේට්ටුව ඇරුන නිසා ටේහ්‍යුන් පොඩ්ඩක් ගැස්සුනා .

" සුබ උදෑසනක මහත්මයා . "

සෝයෝන් මුව පුරා ඇදුන ලස්සන හිනාවක් සංග්‍රහ කරමින් ටේහ්‍යුන්ට කතා කරා .

" අහ් හ් සුබ උදෑසනක ඔයාටත් ජ..ජන්කු- "

ටෙහ්‍යුන් මවාගන්න හිනාවකින් සෝයොන්ට කතා කරා . ටේහ්‍යුන් දැනගෙන හිටියේ නෑ

" මන් හිතන්නේ මහත්තයා හම්බෙන්න ආපු කෙනෙක් වෙන්න ඕනි "

" මහත්තයා..? "

" ජන්කුක් මහත්තයා "

" ඔව් ඔව් ඔයා හරි . මම එයාව හම්බෙන්න තමා ආවේ "

ටේහ්‍යුන් කකුලෙන් බිම හාරන ගමන් කිව්වා .

" යමු ඇතුලට . "

ටේහ්‍යුන්ට ඇතුලට එන්න ඉඩ දුන් සෝයෝන් ගේට්ටුව වසා . දැම්මා . පසුව සෝයෝන්ට පිටුපසින් ටේහ්‍යුන් ඇතුලට ගියා .

" . ඔය මහත්තයා ඔතනින් ඉදගන්නකො . ජන්කුක් මහත්තයා නම් නානවා ඇති . මන් ඉක්මනට තේ එකක් හදාගෙන එන්නම් .  අද එලියේ ගොඩක් සීතලයිනේ "

සෝයෝන් ටේහ්‍යුන්ට සෝෆාවේ ඉදගන්න කියලා ඉක්මනින් මුළුතැන්ගෙයට ගියා .

1990 𝐈𝐧 𝐒𝐞𝐨𝐮𝐥 ┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 Where stories live. Discover now