Chapter 1

525 62 30
                                    


1990 වර්ශය
දකුණු කොරියාව ,
සෝල් නගරය

❥ ━━━━━━━━━━━━━━━━━━━━━━

" මට මේ හැමදේකින්ම ඉක්මනට නිදහස් වෙන්න වෙයි . උපරිම කාලය අවුරුද්දක් "

ඇද මත හිදගෙන සිටි ඔහු තම අත මත තිබූ වෛද්‍ය වාර්තාව දෙස ඇගිලි තුඩුවලින් තම නලල පිරිමදිමින් ඉතා කනස්සලු ලෙසින් බැලුවේ තමා තුල ඇති පිලිකාව කෙතරම් දුරට වර්ධනය වී ඇතිද බව .

" අපි හිතුවේ නෑනේ මෙච්චර දෙයක් , රෝග ලක්ශණ පෙන්නපු මුල් කාලෙම බලාගත්තා නම් යම්තාක් දුරට ලෙඩේ හොදකරගන්න තිබුනා "

ඔහු සමීපයේම  සිටි ඔහුගේ බිරිද තම කදුලැලි සගවාගෙන ඔහුගේ උරහිස මත අත තබමින් පැවසුවේ පසුතැවිලිවන ස්වාභාවයෙන් .

" දැන් ඒ දේවල් කතා කරලා වැඩක් නෑ . වුන දේ උනා . දැන් ඉස්සරහා ගැන හිතන්න ඕන "

" අපි කොහොමද මේ දේවල් එයාට කියන්නේ "

ඇය ඔහු අසලින්ම ඉදගෙන පොඩි වී තිබූ ඇද ඇතිරිල්ල යලි සකස් කරමින් පැවසුවා .

මිනින්තුවක පමණ නිශ්ශබ්දතාව බිද හෙලීමට ඔහු තම යහනාවෙන් නැගිට  ඔවුන්ගේ කාමරයේ විශාලේ ජනේලේ , දමා තිබූ ඝන තිර  රෙදි එහාට  කරමින් එහි එක් පසෙක ජනෙල් පියනක් ඇර උදෑසන පටන්  දවසේ වැඩ නිමාකර ගිනි බෝලයක් ලෙස දිස් වෙමින් අවම උනුසුමක් දසත පතුරවමින් බැහැගෙන යන හිරු දෙස බලා සිටියා .

" එයාට මේ දේවල් ඉක්මනින්ම බාර දෙන්න වෙනවා . "

" ඒත් එයා තාම පොඩි "

ඇද ඇතිරිල්ල රැලි නොතිබෙන්න සකස් කර ඇය නැවත් ඔහු අසලටම පැමිණියේ තම ස්වාමියා පවසන දෙයට එකග නොවන අදහසින්.

" මොකද්ද පොඩි කියන්නේ ,  එයාට දැන් අවුරුදු 22ක් වෙනවා . දැන් එයත් ඉන්නේ තේරෙන වයසේ . "

" ඒත් එයා තාම ඉගෙනගන්නවා "

" කරන්න දෙයක් නෑ . අපිට වෙන දරුවෝ ඉන්නවද . අපිට ඉන්න එකම දරුවා එයා . මේ දේවල් ඉස්සරහට බාරගන්න ඉන්නේ එයා , දැන්ම ඉදන්ම එයාට මේ දේවල් කියලා දෙන්න ඕනි . "

1990 𝐈𝐧 𝐒𝐞𝐨𝐮𝐥 ┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 Where stories live. Discover now