Airport එකේ entrance එකටම කරලා නතර කරපු සුදු පාට කාර් එක white prince වෙනුවෙන් තමයි බලන් හිටියේ .. එයා කෑගැහිලි මැද එලියට එනවත් එක්කම අර වාහනේ ඩ්‍රයිවර් දොර ඇරලා දුන්නා .. ඒ හැටි සද්ද බද්ද වලටත් කැමැත්තක් නැති නිසා එයා වාහනේට නැග්ග ගමන් ටිකක් සැරට දොර වහලා දැම්මේ අනෙක් පැත්තෙන් අර මැදිවියේ කෙනාත් ඉස්සරහා පැසෙන්ජර් සීට් එකට නගිද්දි ...

" අදල් ඔයාට ප්‍රශ්නයක් නෑනේද ? "

" ම්හ් .. මේ සද්ද බද්ද එක්ක ඔලුව පැලෙන්න වගේ .. ඉක්මනට යමු "
වාහනේට නැග්ග ගමන්ම සීට් එකට ඔලුව හේත්තු කරගත්ත එයා ඇස් පියාගනම මිමිණුවම ඩ්‍රයිවර් ඉක්මන් කරලා airport එකෙන් වාහනේ එලියට අරන් ආවා ..

ඇමරිකා වල ඉදලම දැන් කොරියාව ඒ ඇස් වලට හුරුපුරුදු නැති තරම් ... වාහනේ වීදුරුවෙන් එලියේ පේන ඒ පරිසරය දිහා එයා ටිකක් වෙලා බලාගන හිටියා ..

" ශැඩෝ තාමත් නිශ්ශබ්ද ද අදල් ? "
ඉස්සරහා සීට් එකේ වාඩිවෙලා හිටිය ඒ මැදිවියේ මනුස්සයා පිටිපස්ස සීට් එකට ඔලුව හරවලා එහෙම අහද්දි සීට් එකට ඔලුව හේත්තු කරන් එලිය බලන් හිටිය කොල්ලා ගේ තොල් අග හිනාවක් මතු උනා ..

" ආනිහ් .. කාලෙකට පස්සෙ එයා ඉන්නේ කලබලෙන් අජුශ්ශී .. "
ඒ තොල් වල හිනාව , ඒ කළු ඇස් වල බැල්ම ගොඩක් තියුණු වගේම සෙල්ලක්කාර උනා ...
" Calm down baby .. ඉක්මනට ඔයාට ඔයාගේ ගොදුර අල්ලගන්න පුළුවන් okay ? "
එයා තමන්ටම එහෙම කියාගනිමින් තමන් එක්කම හිනාවෙද්දි ඉස්සරහා ශීට් එකේ හිටිය මැදිවියේ මනුස්සයත් ටිකක් සද්දෙන් හිනා වෙලා සීට් එකට හේත්තු උනා ..

" ඔව් ඉක්මනටම "
නිල් ඇස් හිමි උන ඒ මැදිවියේ පුද්ගලයා තමන්ටම එහෙම කියාගත්තා .. ඩ්‍රයිවර් වාහනේ ගොඩක් ඉක්මනට ගෙනිච්චේ සෝල් වල ලොකු Appartement එකක් ඉස්සරහට ..

******

එලීසා හිටියේ එයාගේ ගෙදර බැල්කනි එකේ ..  කැළෑවක් මැද්දට වෙන්න හදලා තිබුන ඒ ගෙදර හැම දේම වගේ ලී වලින් නිපදවලා තිබුනා .. හරියට එලීසා දැන් වාඩිවෙලා පැද්දෙන ඒ පුටු ඔංචිල්ලාව වගේ ..

 හරියට එලීසා දැන් වාඩිවෙලා පැද්දෙන ඒ පුටු ඔංචිල්ලාව වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now