"බලන්න මේ අහිංසකයා තාම ඇඟිල්ලත් කටේ ගහගෙන කොට්ටෙ බදාගෙන නිදි. ඒකට අර පූසා මහ හොරෙක්නෙ. මේ ඊයෙ රෑ අපි දෙන්නට පිම්බුවා දොර කඩන්න එපා කියලා. මෙන්න අද බලනකොට තුරුල් කරගෙන නිදි."

කෙල්ල කියවන ගමන්ම ජිමින්ගෙ ඔලුව අතගෑවා. ටිකක් වෙලා යද්දි ජිමින් එහෙට මෙහෙට හැරෙන්න ගත්තම නායුන් කොල්ලව ඇහැරවන්න පටන් ගත්තා. 

"ජිමින්.... ජිමින් නැගිටින්න අනේ එන්නකො යන්න. මාර වැඩක් තියෙනවා ඔයාට පෙන්නන්න."

"ම්ම්හ්..... හ්ම්...... ආහ්....ම්ම්......"

"මෙහෙ එන්නකො ඉතින්."

කොල්ලා නිදිමතේම ඇඳෙන් ඉඳගනිද්දි කොල්ලව නැගිට්ටවලා අතින් අල්ලගෙන නායුන් යුංගිගෙ කාමරේ පැත්තට යන්න පටන් ගත්තා. ජිමින්ගෙ කම්මැලිකම බේරෙන මූණ අවුල් වුන කොන්ඩෙ දිලිසෙන ඇස් එක්ක ඔහු හරියට පුංචි බබෙක් වගේ. ඒත් එක්කම ඔහු ඇඳගෙන හිටපු තාර පිජාමා එකත් හොඳට ගැලපුනා. කෙල්ලගෙ පස්සෙන් ඇදිලා ගිය ජිමින්ගෙ නිදිමත නැති වෙලා ගියේ යුංගි මින්යූ දෙන්නා දැක්කට පස්සෙ.

"දැක්කා නේද ජිමින්.... අර ගිනි මකරා අපි දෙන්නට තමයි පිඹින්නෙ. අන්න බලන්න පූසෙක් බෝලයක් බදාගෙන ඉන්නවා වගේ වෙලිලා ඉන්න හැටි."

ටිකක් වෙලා දිලිසෙන ඇස් වලින් ඒ දිහා බලාගෙන හිටපු ජිමින්ගෙ කට කොනට පුංචි හිනාවක් එන්න පටන් ගත්තා. එකපාරටම කොල්ලගෙ මූණ වෙනස් වෙච්ච එක ගැන නායුන්ට හොඳ හැඟීමක් අරගෙන ආවෙ නෑ. ටික වෙලාවකින් ජිමින් මහ හයියෙන් කෑගහන්න ගත්තෙ නායුන්ගෙ සැකේ ඇත්තක් කරලා.

"ආආආ.... යුගී බූඌඌඌ.... උයා නූලාව තලනවා... අල්ල යුගී බූඌඌඌ නූලාව ගිලින්න අදනෝ.... ඔම්මාආආ.... අල්ල අලයාව බේලගල්ලෝ...."

"ආශ් ජිමින්..... කට කට දෙයියනේ කට වහගන්න."

නායුන් කොච්චර කිව්වත් ජිමින් උඩ පැන පැන කෑගහන්න ගත්ත එකෙන් වුනේ යුංගි වගේම මින්යූ දෙන්නම ගැස්සිලා ඇහැරුණ එක. කෙල්ල අකුණක් ගැහුවා වගේ යුංගිගෙන් ඈත් වෙද්දි යුංගි හිටියෙ කොච්චි කරලක් වගේ රතු වෙලා. තමන්ව අහුවුන එකේ ලැජ්ජාවටත් වඩා ඔහුට තරහා ගියේ කොල්ලා කෑගහන්න ගත්ත එකෙන්.

Born With Fire || MYG ✓Where stories live. Discover now