"එහෙනම්?"

"මට ඊයෙ ටේහ්යොන්ග්ව හීනෙන් පෙනුනා. මට එයා නැති වෙලාවට ටිකක් අමුතුයි වගේ."

"ආව් ආව් කෙල්ලට මොකක් හරි අදහසක් වත් ඇවිල්ලද?"

"ආහ්.... නෑ නෑ ඒ මොකක්ද? මට එහෙම මොකුත් නෑ. එයා මගේ යාලුවානෙ ඒකයි එහෙම හිතෙනවා ඇත්තෙ. ඔයා ගිහින් එන්නකො මින්යූ."

මින්යූ, යුංගි, ජිමින් තුන් දෙනාම ගෙදරින් එලියට ගියේ නායුන්ව පලවෙනි වතාවට විශාල මන්දිරය තුල තනි කරමින්. තමන්ගෙ වැඩ කටයුතු ටිකත් කරලා ඉවර කරපු නායුන් යුංගිගෙ කාමරේට ගියේ එතන පිරිසිදු කරන්න හිතාගෙන. මුලින්ම මුළු කාමරේම ජනෙල් ටික ඇරලා දාපු ඇය පරණ කර්ටන් ඉවත් කරලා අලුත් කර්ටන් දැම්මා. පරණ ඇඳ රෙදි සේරම ඉවත් කරපු ඇය යුංගිගෙ මේස පිහදාන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ඇය කොස්සක් අරගෙන අතුගාන්න පටන් ගත්තෙ වෙලාව බලන ගමන්මයි.

"ආහ්.... දැනටම පැය එකහමාරක් විතර ගිහින්. මේ තඩි පූසා මොකට මෙච්චර ලොකු කාමරේක ඉන්නවද මන්දා? අඩුම මේක නිවාඩු දවසට අස් කරන්න කිව්වා නම් හරිනෙ."

යුංගිටත් බැන බැනම ඇඳ යට අතුගාන්න පටන් ගත්ත නායුන්ට හමුවුනේ ඇඳ යට තිබුණු කුරුළු පිහාටුවක්. තද රතු සහ දීප්තිමත් කහ පැහැයකින් යුතු ඒ පිහාටුව ඇය දැකලා තිබුණු කිසිම කුරුල්ලෙක්ට අයත් එකක් නොවන බව ඇයට හිතුනා. 

"මේක ආර්ටිෆිෂල් එකකුත් නෙවෙයි වගේ. හැබැයි ඒක හරි ලස්සනයි. ඒ වුණාට කුරුලු පිහාටු මොකද මෙයාගෙ කාමරේ තියෙන්නෙ. මේක ගැන ටිකක් බලන්න වෙයි වගේ."

පිහාටුව තමන්ගෙ ඒප්‍රන් එකේ සාක්කුවට දාගත්තා නායුන් දිගටම පිරිසිදු කිරීම් කරගෙන ගියේ මේතරම් කල් සිදු වුන අමුතු දේවල් ගැනත් හිතන ගමන්. ඇයට මොනවා හරි දෙයක් දැනගන්න ලැබෙයිද? 


********************


"කොහෙද අරයා?"

ජිමින් යුංගි දෙන්නා හිටියෙ විශ්ව විද්‍යාලයට වෙලා. ඔවුන් ගොඩක් වෙලා යනකම් බලාගෙන හිටියත් තාම ටේහ්යොන්ග් නම් ආවෙ නැහැ. ඔවුන්ට වුවමනා වුණේ ටේහ්යොන්ග්ව හමුවෙලා මේ ප්‍රශ්නෙ විසඳගන්න ඔහුව කැමති කරවගන්න. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි වගේ.

Born With Fire || MYG ✓Where stories live. Discover now