" ම්ම්..ම්ම්..අයියණ්ඩිගෙ හිත අද්දර නොකී කතා රැඳුනැයි~"

චමිරුවා පිත්තල බොත්තම් තියන කෝට් එකක් හොයාගත්තද දන්නෙ නෑ.. මූ එක්ක රඟපාන්න ගිහින් තරුවි නංගි මට නෙලලා යයිද.. නෑනෙ.. අපි ඉස්කොලෙ වෙනුවෙන් නෙ මේ හැමදේම කරන්නෙ.. අනික තරුවි නංගිට එහෙම හිත හදාගෙන මට ගහන්න පුළුවන්ද.. සමයං තමා.. දැන් දවස් හතරකට කලින් මට චමිරු පරෙයියගෙන් අමුතු මැසේජ් එකක් ආවා..

" මේ බං.. කෙල්ලෙක්ට දෙන්න හොඳ පොත් ටිකක් කියපන්කො.."

මම ඒක දැකලා එකසැරේ හාටැටෑක් එකක් හදාගෙන ඒ මැසේජ් එක සෙනුකයට ෆෝවර්ඩ් කල්ලා මේකට හේතු කාරණා සෙයා කරගත්තා.. බලද්දි තරුවි නංගිගෙ බර්ත්ඩේ එකලුනෙ.. පරෙයියා නංගිට පොතක් තෑගි දෙන්න හදන්නෙ.. නංගි පොත් කියවන එක්කෙනෙක්ලු.. 

Lavyrle Spencer ගෙ Morning Glory හොඳයි.."

" ඒක හොඳ කතාවක්ද.. මම එච්චර පොත් කියවන්නෙ නෑනෙ බං.."

" ඒක ලස්සනයි.. තව Lisa Kleypas ගෙ Devil In Winter හොඳයි.. Sarah MacLean ගෙ Never Judge a Lady by her Cover හොඳයි.."

" උඹ ඔය ආතල් එකට නෙමේනෙ කියන්නෙ.."

" පිස්සුද බං.. ඒ පොත් ටික ලස්සනයි.." 

" හා.. එතකොට තව මොනවටද කෙල්ලො ආස.. උඹ දන්න යාළුවො ඉන්නවනෙ.."

" හැම කෙල්ලම එක වගේ නෑනෙ බං.. මට ඉන්න උන් අහසයි පොළොවයි වගේ.. තරුවි නංගි මොන වගේද.."

" ම්ම්.. පොත් කියවන්න කැමතී.. පොඩි පොඩි දේවල් වලට ආසයි.. මහා ලොකු දේවල් බාරගන්න කැමති නෑ.. ඒ වගේ.."

" එහෙනම් උඹ හොඳට හිතලා බලලා උබට හොඳයි කියලා හිතෙන එකක් දීපන්.. ඔය වගේ කෙල්ලො කැමති අමුතු තෑගි වලට.."

" මම බලන්නම්.. තැන්ක් යූ ඇඩ්වයිස් වලට මචං.."

" එල.."

ඔච්චර තමා කතාකලේ.. මම ඕක රධ්‍ය අයියට පෙන්නුවහම රධ්‍ය අයියා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා.. පරෙයියට කෝකිලාවියක් සෙට් වෙච්ච එක ගැන.. දැන්නම් චමිරුවා අපිට ලාවට සෙට් වේගෙන එන්නෙ.. මූත් තරුවි නංගිට ලව් කරන්න පටන් අරගෙනනෙ.. දෙයියනේ කියලා සෙනුකයගෙ පඩුර වැඩකලා.. ඉස්සරහට පාර්ලිමේන්තු මන්ත්‍රී චමිරු සිංහවංශ තමා ඉතින්.. ඕකා ඒ ලෙවෙල් වලට කලෙත් පොලිටිකල් සයන්ස්නෙ.. ඇති යන්තම් පරිසර ඇමතියට සෙට් වෙන මුණුබුරෙක් හම්බුණා.. අපේ අයුක බොසා අතෑරලා.. අයුක අයියට සෙනුකයා එක්ක වැඩ තියනවනෙ.. සෙනුකයා හිතාගෙන ඉන්නෙත් අපි වගේ ෆුට්බෝල් ටීම් එකක් හදන්නලු.. කියාන් අයියට රගර් ටීම් එකක් හදනවා කිව්වා.. ගැම්මක් තමා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now