🥀 16 Chapter 🥀

185 29 4
                                    

Love me again - Chapter 16

🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀🥀 🥀

යූනා එයාගේ උපරිම වේගේ යොදන ගමන් හොස්පිටල් කොරිඩෝ එක දිගේ දුවගෙන ආවා. ඒ එනකොටත් ජන්කුක් හිටියේ එතන තිබුණු පුටුවක වාඩිවෙලා නියපොතු හපන ගමන්.

"කුක් ?? "

"නූ..නූනා!! එයා- එයා ගොඩක් වෙලාවේ ඉදන් ඇතුලේ..මට බයයි "

"ශ්ශ් බයවෙන්න එපා..මොකුත් වෙන්නෑ එයාට "

යූනා හිටියේ මුලු ඇගම වැහෙන්න ඇදගෙන වගේම මාස් එකකුත් දාගෙන. හූඩි එකක් වගේම කැප් එකක් දාගෙන ඉන්නත් එයා අමතක කලේ නෑ. විටෙන් විට එමීගෙන් පිටවෙන කෙදිරිලා නිසා ජන්කුක් හිටියේ අඩාගන්න බෑ වගේ තත්වෙක..

ඔව් එමීට ටිකක් අමාරු වෙලයි තිබුණේ. ඒත් බබා ලැබෙන්න තව මාසයක්ම ඉතුරු වෙලා තිබුණ නිසා කොල්ල හිටියේ ටිකක් බයවෙලා. ඒකයි කොල්ලා යූනට කතා කරේ!! ජිමින් වගේම අප්පත් හිටියේ පොඩි වගේකට සෝල්වලින් පිට නිසා කොල්ලට මතක් වුණේ යූනාව විතරයි..

"පේශන්ට්ගේ හස්බන්ඩ් කවුද?? "

ඇතුලේ ඉදන් ආපු නර්ස් කෙනෙක් අහනකොට ජන්කුක් බයෙන් වගේ කතා කරේ..

"ම..ම "

"මම හිතන්නේ එයාට ඔයාව ඕන!! ඇතුලට එන්න "

"නූ..නා..!! "

"යන්න ජන්කුක් "

ඇත්තටම කොල්ලා හිටියේ හොදටම බය වෙලා. කෙල්ලටත් ඒක තේරුනේ ඇස්වල පවා කදුලු තිබුණු නිසා. ජන්කුක්ට වගේම එමීටත් එච්චර ලොකු වයසක් නැති නිසා ඒ දෙන්නටම මේවා අලුත් දේවල්. ඒකයි කොල්ලා පවා බය වෙලා ඉන්නේ..

ජන්කුක් ඇතුලට ගියපු වෙලේ ඉදන් යූනාත් එලියට වෙලා බලන් හිටියේ හොද ආරංචියක් එනකම්. ඊටත් වඩා මෙතත ජිමින් තාමත් ඇවිත් නැති එකට  කෙල්ල ටිකක් සැහැල්ලුවෙන් හිටියේ. ආවත් එයා ඒ හැමදේකටම ලෑස්ති වෙලානේ ආවේ..

.
.
.
.
.
.
.
.
.

පැය බාගෙකට විතර පස්සේ ජන්කුක් එලියට ආවේ තනියම නෙමේ.. එයාගේ චූටි බෝනික්කිවත් අතේ තියාගෙන. සනීපෙට තමන්ගේ අප්පගේ අතේ ගුලිවෙලා ඉන්න පුලුවන් බෝලේව දැක්කාම යූනාට හිතුනෙම සුරංගනාවියක් කියලා! එයා චූටි පැටියගේ කම්මුලකින් හාදුවක් තියලා ජන්කුක් දිහා බැලුවා..

You've reached the end of published parts.

⏰ Last updated: Jun 26, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Love Me Again ll PJM llWhere stories live. Discover now