🥀 9 Chapter 🥀

181 46 10
                                    

Love me again - Chapter 9

🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀

"යූ බබා...මොකෝ අද කවදාවත් නැතුව හම්බෙමු කීවේ ම්..?? "

"මට..මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "

යූනාගේ මූණට වැටිලා තිබුණ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සට දාපු ජිමින්ට යූනා කිව්වේ කැෆේ එකේ වීදුරුවෙන් විනිවිද පේනව වැස්ස දිහා බලාගෙන..වැස්ස වහිනකොට නම් ගොඩක් ලස්සන ඇති..! ඒත් වැස්සයින් පස්සේ කොච්චර දේවල් වෙනස් වෙනවද කියලා යූනාට හිතුනේ ජිමින්ව දකිද්දී..ජිමින්ගේ වුණාට පස්සේ යූනා කොච්චර නම් වෙනස් වෙලාද නේද..?? එයා ඕනවාටත් වඩා වගකීම් දරනවා..!

"මොනා ගැනද කියන්නකෝ බලන්න..! "

තමන් දිහා කම්මුලටත් අතක් තියාගෙන පපී ඇස් හීනි කර කර හිනාවෙන ජිමින්ව දැක්කාම යූනාට හිතුනෙම පපුව පැලිලා මැරෙයි කියලා.ඒ තරම් යූනාට ඇඩෙන්න යනවා.තමන් ගන්න තීරණේ කොයි විදිහට ජිමින්ට බලපායිද කියන එක යූනාට හිතාගන්න බැරි වුණා..යූනා අසරණ වුණා..

"ජිමින්..මේ හැමදේම ඉවරයි "

"මොන දේවල්ද..? "

"හැමදේම ජිමින්..අපේ සම්බන්දේ..සිද්ද වුණ දේවල් හැමදේම අමතක කරන්න.....!! "

ජිමින් බකස් ගාලා හිනා වෙන්න ගත්තේ යූනාව නරලොව හොල්මන් කරවලා.ඇයි යකෝ කෙල්ලට ඇඩෙන්න එනවා.මෙතන ජිමින් බක බක ගානවා.ලග තිබුණ වාස් එකෙන් ගහන්න තරම් කේන්තියක් යූනාට ආවේ..

"ආතල් දෙන්න එපා යූ "

"ආතල්..? ආ යු මෑඩ්..? මම ඇත්ත කිව්වේ..අපි මේක නවත්තමු "

"යූ බබා..ඔය විහිලුව එච්චර හොද නෑ- "

"තමුන්ට තේරෙන්නැද්ද ජිමින්..මට මේ සම්බන්දේ ඕන නෑ..මට මේක එපා වෙලා..! "

ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටපු යූනා කෑගැහැද්දී කැෆේ එකේ හිටපු හැමෝගෙම ඇස් ඒ කපල් එක දිහාවට ඇදුනා..ජිමින්ටත් වුණ දේ හිතාගන්න බැරි වුණේ කලින් හොදට හිටපු යූනාව මතක් වෙලා..

"යූ..නා..??

ඔයා ඔය කියන්නේ බොරු නේද..? අනික මගේ යූ ඔහොම නෑ..මේ සෙල්ලම නවත්තන්න යූ..චේබල්..ඒක රිදෙනවා..ගොඩක්..! "

Love Me Again ll PJM llWhere stories live. Discover now