🥀5 Chapter 🥀

208 50 2
                                    

Love me again - Chapter 5

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

යා මේ මනුස්සයා එන්නැද්ද අප්පා...පැය බාගෙක ඉදන් මෙතන..ආහ් ඔය කියනකොටම එන්නේ..!

"නූනා නගින්න..! "

"තමුසෙ කවුද...? "

"ඈහ්..? "

"තමුසෙ කවුද කියනවා කොහෙද කුකී....?"

"යා නූනා මම තමා කුකී...! "

මේකා කුකී කුකී කියනවා..රෙද්ද මයෙ කොල්ලා මේ වගේ නෑ..කටේ කරාබු..අතේ ටැටු..පුහ් කුකී කොල්ලා ඔහොමයෑඈ..?

"යා මැරුම් කන්න එපා..!! "

"හරි මම හියුන්ග්ට කතා කරලා පෙන්නන්නම්..එතකොටවත්- "

"ඕන නෑ මොට්ට හිලවා..යම "

මම ඒ යකාට බැනලා වාහනේට නැග්ගාම ඒකා හයියෙන් හිනා වෙන්න ගත්තා..

"ඇයි ඔච්චර වෙනස් වුණේ..? "

මම ඉදලා ඉදලා ඇහුවේ බැරිම තැන..ඒත් එයා ලාවට හිනා වුණා විතරයි..

"තව ගොඩක් දේවල් වෙනස් වුණා නූනා ඔයා නැති ටිකේ..? "

"හ්ම් "

එයා දුකින්..මම දන්නවා..සමාවෙන්න ඔයාලා හැමෝවම රිදෙව්වාට...!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්ග්කුක් ජිමින්ගේ ගේ ලගින් නැවැත්තුවාම මමත් ඇතුලට ගියා...තාමත් ඒ විදිහමයි..

"කොහෙද ජිමින්..? "

"රූම් එකේ..! "

ජන්ග්කුක් කිව්වාම මම රූම් එකට ගියත් මගේ කකුල් ඉබේම නැවතුනේ ඇතුලේ ඉන්න කෙනාව දැකලා..

කෙල්ලෙක්..??

ඒකත් ප්‍රෙග්නන්ට්...??

එයා මට හිනා වෙලා ඇතුලට යන්න කියලා සන් කලාම මම මොකුත් ම නොකියා ජිමින් ගාව ඉදගත්තා..ඕහ්..එයාට හොදටම උණ ..ලග තිබුණ භාජනෙන් රෙදි කෑල්ලක් පොගවලා මම නලලෙන් තිබ්බ..

"නූනා..! "

"ජන්ග්කුක් කවු- "

මම කියන්න ගියපු එක නැවතුනේ අර කෙල්ල ආයෙමත් ආපු නිසා..මම අහන්න ගියේ ඒ කවුද කියලා..එයා මට බීම එකක් දික් කරලා ජන්ග්කුක් ගාවින් හිටගත්තේ මට හිනා වෙලා..හැබැයි ලස්සනයි එයා..!

Love Me Again ll PJM llOnde as histórias ganham vida. Descobre agora