🥀11 Chapter 🥀

161 44 15
                                    

Love me again - Chapter 11

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"ජන්කුක් ඉක්මනට යන්කෝ.."

"ඔයාලා දෙන්නා ඉක්මනට යන්න කුක්..මම හෙමීට එන්නම් ! දුවන්න බෑනේ..? "

හනා කිව්වේ එයාගේ ලොකු බඩට අත තියාගෙන හති අරින ගමන්.යූනාට ඒවත් සිහිය තිබුණේ නෑ..මොකද කෙල්ලව ගැහෙනවා.ජිමින්ට මොනවාහරි වෙලා නම්..??

"දේ දේ "

ජන්කුකුයි යූනායි දෙන්නාම operating theatre එක පැත්තට ගියේ ගොඩක් කලබලෙන්.ඊටත් වඩා යූනාට ඇඩෙනවා..! කෙල්ල හීනෙකින්වත් හිතුවේ නෑ ජිමින්ට මෙහෙම දෙයක් වෙයි කියලා..

ඒත් එක්කම ජන්කුක් දිව්වේ තමන්ගේ අප්පා ලගට.ඒ කිව්වේ පාර්ක් ලගට..ජිමින්ගේ තාත්තා ලගට..යූනාත් අවසිහියෙන් වගේ එතනට ගියේ හෙම්බත් වෙලා..

"අප්පා මොකක්ද හියුන්ග්ට වුණේ..?? "

"මම දන්නෑ..මගේ කොල්ලාට අමාරුයි ජන්කුක්..? මොකක්ද මම කරන්නේ..?? "

මිස්ටර් පාර්ක් කොල්ලව බදාගන්නකොට කෙල්ලගේ ඇස් තිබුණේ වීදුරු කවුළුවෙන් පොඩියට පේන ජිමින් දිහාවට..ජිමින්ගේ ඇග පුරාම වයර් සෙට් කරලා මූණම වැහෙන්න මැෂින් එකකුත් තිබුණේ යූනාව අන්තෙටම අසරණ කරලා ..කෙල්ලට හිතුනේ හැමදේම තමන් නිසා කියලා...

බිත්තිය දිගේම රූටලා ගිහින් අඩන යූනාව හනා ඇවිත් බදාගත්තේ යූනා ඉන්න තත්වේ ගැන හිතලා..

"ජිමින්ට මොකක්ද වුණේ අන්කල්..?? "

ඒත් එක්කම එතනට ආපු ජෙනී යූනා දිහාටත් තද බැල්මක් දාලා ඇහුවේ ජිමින්ගේ අප්පගෙන්..මිස්ටර් පාර්ක් උත්තර නොදෙද්දී ජෙනීටත් දකින්න ලැබුණේ අමාරුවෙන් හුස්ම ගන්න ජිමින්ව..

"එක්ස්කියුස් මී පේශන්ට්ගේ බාරකාරයා කවුද..?? "

"මම ඩොක්ටර් "

ජන්කුක් කියනකොටත් ජෙනීගේ ඇස් තිබුණෙම හනාට තුරුල් වෙලා ඉන්න යූනා දිහාවට..

"බය වෙන්න දෙයක් නෑ..සිහිය එන්න තව දවස් දෙකක් විතර යයි..මොකද එයාගේ ඔලුව තදට වැදිලා..අවධානම් තත්වයෙන් මිදිලා.."

"තෑන්ක්ස් ඩොක්ටර් "

ඩොක්ටර් එතනින් යනකොටම ජෙනී මෙච්චර වෙලා හිර කරන් හිටපු තරහ පිටකරේ යූනාගෙන්..

"ආහ් "

"හනා !! "

ජෙනී හනාව පැත්තකට තල්ලු කලේ කෙල්ලගේ දරුවා ගැනවත් නොහිතා..ජන්කුක් ගිහින් වැටෙන්න යන හනාව අල්ලගන්නකොට ජෙනී යූනාට කම්මුල් පාරක් ගැහුවේ කෙල්ලව බිමට ආයෙමත් වැටෙද්දී..

"ආහ් "

"ජෙනී තමුසෙට පිස්සුද..?? "

"තමුසෙ කටවහගන්නවා ජන්කුක්..මේ හැමදේකටම වැරදී මේ ගෑණි..! උබ හිතන් ඉන්නේ තමුසෙ ජිමින් එක්ක තියෙන සම්බන්දේ මම දන්නෑ කියලද .? තමුසෙට වැරදිලා යූනා..!! ජිමින් මගේ..මගේ විතරයි..!!හොදින් හෝ නරකින් හරී..!!

අනික තමුසෙට මම එදත් කිව්වා..පැත්තකට වෙලා ඉදහන් යූනා..!! එතකොට අන්කල් පාර්ක්? ඔයා දන්නවනේ වෙන දේ..? ඒ නිසා ඔයත් මේවට සම්බන්ධ නොවී ඉන්න..ජන්කුක් තමුසෙත් දැනගන්නවා...ජිමින් ව අයිති මට විතරයි..!! හැමෝටම කියන්නේ ..ආයෙත් තමුසෙට කියන්නේ යූනා මම..ජිමින්ගෙන් ඈත් වෙනවා..කොහෙටහරි යනවා..එයාගෙන් ඈත් වෙලා..!!! "

බෙරිහන් දීලා ජෙනී එතනින් යද්දී මිස්ටර් පාර්ක් කතා කලේ කලකිරීමකින් ..

"සමාවෙන්න දරුවෝ ! මේ හැමදේම මම නිසා..ඔයාට එයාව අතාරින්න කිව්වේ මමයි..! "

"නෑ..! මගෙයි වැරැද්ද..මම මෙහෙන් යනවා අන්කල්.ආයෙත් නොඑන්නම..."

යූනා කිව්වේ තද කටහඩකින් කවුලුවෙන් පේන ජිමින් දිහා බලාගෙන..ඒ වචන ස්ථීරයි..

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

අයි නෝ අයි නෝ..අද චැපිය දිග වැඩියි..😋😋 ලබන සතියේ කොටම කොට එකක් දෙනවා හාද😂

මොකද හිතන්නේ යූනා ගැන..? යයිද එයා..??

මමත් ගියා ආයේ නොඑන්නම..

ටටා

Love Me Again ll PJM llWhere stories live. Discover now