🥀10 Chapter🥀

182 44 7
                                    

Love me again - Chapter 10

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ඇස් වලට තද එලියක් වැටෙනවත් එක්කම යූනා හෙමීට කෙදිරි ගාන ගමන් නැගිටින්න ගත්තේ ඔලුව පුපුරන්න තරම් දැනෙන වේදනාවත් එක්කමයි ! වෙනදාට වඩා වෙනස් වටපිටාවක ඉන්නවා දැනෙනකොට යූනා කලබලෙන් ඇස් මෙහේ යැව්වේ පපුවට අතක් තියාගෙන..

ඊටත් වඩා කෙල්ලට වේදනාවක් දැනුනේ ඊයේ අසිහියෙන් කපාගත්තා අතේ වේදනාවට ! තත්පර කීපයක් යනකොට දොර ගාවින් රූපයක් මතු වුණේ යූනා සැනසුම් සුසුම් හෙලද්දී.ඒත් ඒ රූපේ අයිතිකාරයාගේ හැගීම් මොන වගේද කියන්න යූනාට තේරුම් ගන්න බැරි වුණා..!

"කුකී.."

"......... "

"ඔයාද මාව මෙහෙට ගෙනාවේ..?? "

"........... "

"කුකී මන් ඔයාගෙන් අහන්නේ..ඔයාද මාව මෙහාට ගෙනාවේ..? ඇයි උත්තර දෙන්නැත්තේ..ජන්කුක්..?? "

යූනා ටිකක් තරහින් කෑගැහුවත් ජන්කුක් ඒක ගණන් නොගෙන බේත් ටිකකුයි වතුර වීදුරුවකුයි යූනාට දික් කරේ අහක බලාගෙන.ජන්කුක්ගේ පිටිපස්සෙන් ආපු හනාත් කොන්දටයි බඩටයි අතක් තියාගෙන මේ නාඩගම දිහා බලන් හිටියේ පුදුමෙන්..

"මට ඕන ඇති බම්බුවේ බේතක් නෑ..ජන්කුක් මොකක්ද මට වුණේ..ඇයි කතා කරන්නෙ නැත්තේ..?? "

ජන්කුක් යූනාට රවලා යන්න හදනකොට හනා ජන්කුක් ගේ අතින් අල්ලලා නැවැත්තුවේ යූනා අසරණකමින් බලන් ඉන්නකොට..ජන්කුක්ව පැත්තකට කරපු හනා යූනා ලගින් ඉදගන්නකොට ජන්කුක් අත් දෙකත් පපුවෙන් හරහට බැදලා හිටගත්තේ තරහ යටපත් කරගන්න ගමන්..!

"ඔන්නී..අපි දෙන්නයි ඔයාව මෙහාට ගෙනාවේ..! "

"ඔයා ඕවාට කරුණු පහදන්න ඕන නෑ හනා..පැත්තකට වෙලා ඉන්න !

"ජන්කුක්...ෂ් මම කතා කරනකම් ඉන්න.."

"ඔයා suicide කරගන්න හැදුවා ඔන්නී...අපි ඔයාගේ ගෙදරට එනකොට ඔයා අත කපන ගමන්..ජන්කුක් තමයි ඔයාව මෙහෙට ගෙනාවේ..ඕකට මැහුම් දාලා තියෙන්නේ..පාරගන්න එපා ! "

"ඇයි මාව බේරගත්තේ..? "

"ආහ්? "

යූනාගේ ප්‍රශ්න වලට හනා නිරුත්තර වෙනකොට ජන්කුක්ගේ කට කොනේ හිනාවක් ඇදුනේ නිරන්තරයෙන්..

Love Me Again ll PJM llWhere stories live. Discover now