🥀 14 Chapter 🥀

164 44 3
                                    

Love me again - Chapter 14

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"නූනා! ඔයා අපේ චූටි මැණීකගේ ඩිලිවර් එක දවසටත් එනවා නේද? "

හනාගේ ඉදිරියට නෙරලා තියෙන බඩ අත ගාන ගමන් හිටපු යූනා ටික වෙලාවක් ඉදලා ඔලුව වැනුවේ හා කියන්න වගේ..

මාස කීයකට පස්සෙද මේ එයා එයාගේ අයව හම්බෙලා ඉන්නේ? කෙල්ලට සතුටුයි ඉතින්! කියාගන්න බැරි තරම්.ඒත් යූනා බලාපොරොත්තු වුණ කෙනාව නම් එන පාටක් නෑ.ඒත් එන්නේ නැති එකත් හොදයි නේද? මොකද එයාව දැක්කොත් හිත රිදෙන එක විතරනේ වෙන්නේ?

"මෙයාට නමක් දැම්මද ජන්කුක්? "

"අනියෝ! ඔයාම හිතලා කියන්නකෝ?? "

"මම බලන්නම්කෝ..හනා ඔයා බෝල වෙලා ලස්සනයි අනේ? ජන්කුක් ඔයාට වැඩක්වත් කරන්න දෙන්නේ නෑ වගේ නේද? ම්.."

හනාගේ කම්මුලක් මිරිකන ගමන් යූනා කියනකොට කෙල්ල රතු වුණ මූණ හංගන්න වෙනම උත්සහයක් ගත්තත් ඒක නිශ්ඵල වෙලා ගියේ හැමෝගෙම මූණට ගෙනත්ලා..

යූනාගේ ඇස්වලටත් කදුලු පිරූනේ ඒ ආදරේ දැකලා! කෙල්ලත් ආස කලා දශසක ජිමින් එක්ක මේ වගේ ආදරෙන් ගත කරන්න..චූටි මෝචි කෙනෙක්ව එයාගේ බන්ඩිය ඇතුලේ හංගගන්න කෙල්ලටත් හිතුන වාර අනන්තයි.

'පීප් පීප් '

හැමෝගෙම අවධානේ එක මොහොතකට එලියෙන් ඇහුන කාර් හෝන් සද්දෙට යනකොට යූනාගේ ඇස් ලොකු වුණේ ඉබේටමයි.මොකද කෙල්ලට ඒ හෝර්න් එකත් හොදටම මතකයි...

"ජි..ජිමින්?? "

"නූනා ඔයා අර රෑම් එකට යන්න!! "

ජන්කුක් පෙන්නනකොට යූනා එයාගේ බඩු දෙක තුනත් අරගෙන කාමරේට ගියේ ජිමින්ට නොපෙනෙන්න.ජිමින් සමහරවිට යූනාව දැක්කොත් මොනවා වෙයිද කියලා කෙල්ලට හිතාගන්න බැරි වුණා.ජිමින් කොහොම හැසිරෙයිද එවෙලේට??

බලාපොරොත්තු වුණ විදිහටම ජිමින් එනවා යූනා දැක්කේ දොර අස්සෙන් ඔලුව දාන් එද්දී.පොඩි හිනාවක් තොල් අතර ඇදෙනකොට කෙල්ල ජිමින් දිහාම බලන් හිටියා.ජිමින් මහත් වෙලාද? කෙට්ටු වෙලාද? උස ගිහින්ද කියන්න කෙල්ල හොදට නිරීක්ෂණය කලා!!

Love Me Again ll PJM llWhere stories live. Discover now