" ච් එලීසා ඔයා කියන දේ අහන්න ඕන .. මේක සෙල්ලමක් නෙවේනේ .. හැමවෙලේම අපිට හිතෙන දේ කරන්න බෑ .. අපි හෙමින් හොයාගමු .. "
ජන්කුක් ට තරහා ගිය පාර එයත් කෙල්ලට කෑගැහුවම එලීසා වාඩි උන තැනින් නැගිට්ටා ..

" ඔයා මා එක්ක එනවද ? අප්පා එක්ක රහස් රකිනවද ? Choose .. "
එලීසගේ ඇස් හරි ස්ථීරයි .. ජන්කුක් හුස්මක් හලලා නැගිට්ටේ ඒ ඇස් දිහා එක එල්ලේ බලාගන ..

" එලී please .... ඔයා දන්නවා මගේ තත්වේ .. "

" චහ් .. Anax ට පිටින් යන්න බෑ කියලනේ ඔයා ඔය කියන්නේ ? Okay then .. ඔයාට බැරි උනාට මට පුළුවන් නේ ඒක "
ජන්කුක් ට ඇහිබමක් උස්සලා නක්කල් හිනාවක් දැම්ම කෙල්ල හැරිලා කාමරෙන් එලියට දිව්වෙ ජන්කුක් ට වත් හිතාගන්න බැරි වේගෙන් ..

" No ! එලී ! එලී නවතින්න .. "
ජන්කුක් ව ගැස්සිලා ගියා .. ඇයි මේ කෙල්ල කියන දෙයක් අහන්නෙම නැත්තේ ! ජන්කුක් කෑගහගන කාමරෙන් එලියට දිව්වා ..

" අනේ මන්දා අප්පා මට තේරෙන්නෑ මම__ අහ් එලීසා !? එලී කොහෙද ඔය යන්නේ ? "
අප්පත් එක්ක කතාබහේ හිටිය ජිමින් ඉක්මනට පුටුවෙන් නැගිට්ටේ එලීසා පඩිපෙල දිගේ දුවනවා දැකලා .. ඒත් ජිමින්ගේ හඬ නෑහුනා වගේ කෙල්ල ගෙදරින් එලියට බැස්සා ..

" එලී ! ටිකක් ඉන්න "
ජන්කුක් පඩිපෙල බැහැලා එනවත් එක්කම ගෙදර දොරකඩ ඉදන් ගාඩ්න් එක පැත්තට පැනපු එලීසා ඒ පිම්මෙන්ම එයාගේ red fox විදියට පරිවර්තනය උනාම ජන්කුක් ආයෙත් කෙල්ලට කතා කලා .. ඒත් නෑ ! එලීසාට යන්න ඕන තැනට එයා යනවම තමා ...

" God ! කොහෙද මේ කෙල්ල මේ රෑ යන්නේ "
ජිමින් බය වෙලා අහද්දි එතනට යූජිනුත් දුවන් ආවා ...

" ආයිශ් !! "
ජන්කුක් තරහින් පඩිපෙල ට කකුලෙන් පාරක් ගහලා ජිමින් දිහා බැලුවේ වරදකාරී මූණකින් ..

" ජන්කුක් මොකක්ද උනේ කියන්න ? "

" අහ් අජුශ්ශී එයාට හීන පේනවා .. I .. I don't know .. එයාට නිල් ඇස් දෙකක් පේනවා .. තව මහ අමුතු කෑගැහිලි කටහඬවල් , අහ් ලේ ඉහිරුන nixen එකක් ... ඒ හැමදෙයක් එක්කම අර නිල් ඇස් එයාට පේනවා "

 ඒ හැමදෙයක් එක්කම අර නිල් ඇස් එයාට පේනවා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 🦊 ( The Red Fox Pt2) Ongoing Where stories live. Discover now