සෝම්බියො 🧟‍♀️🧟‍♀️

96 20 10
                                    

ඔම්න ඉතිං දවසක් අපෙ කුකියා යූ ටියුබ් එකේ විඩීයෝ බල බල හිටියා.
එතකොට කොල්ලට අහම්බෙන් වගේ එක වීඩියෝ එකක් හම්බුනා.

බය වෙන්න එපා ඔයාලා හිතනවා වගෙ කොටු කොටු ඒවා නෙවේ කොල්ලා බලන්නෙ. ඇග පිරිසිදු නැතත් කොල්ලගෙ හිත පිරිසිදුයි හරිතෙ?🙂🙂🖐️

එයා නිකමට දැක්කා සෝම්බිලා ඉන්න වීඩියෝ එකක්. ඒක බලලා කොල්ලගෙ ජීවිතේම වෙනස් වුනා කිව්වොත් හරි. මොකද කොල්ලත් දවසක බලන් හිටියෙ සෝම්බියෙක් වෙනකං.🙄🙄

ඒ වෙලාවෙ කොල්ලා සෝම්බියෙක් වගේ තමා හැසිරුනෙ. කොල්ලා මේ ගැන මොලකාරයා වෙච්ච ජුනියගෙනුත් ඇහුවා.

මේ ඕයි. උබ සෝම්බිලා ගැන දන්නවද?🙄🙄🙄

සෝම්බිලා? විකෘති මිනිස්සුනෙ බං. ඇයි අහන්නෙ?🙄🙄

මටත් සෝම්බියෙක් වෙන්න ඕනෙ.🙂🙂🖐️

කුකියා එහෙම කිව්ව ගමන් කොල්ලා බිබී හිටපු තේ කහට උගුර ඉස්මොල්ලෙ ගිහින් ශ්වාසනාලෙන් ග්‍රසනිකාවට ඇවිත් අන්නසෝතෙන් ආමාශයට ගිහින් මහ බඩවැල හරහා උණ්ඩුක පුච්චෙට ගියා.😑

අනෙ බං වදින්නම් ජීවිතේට සෝම්බියෙක් වෙන්න හිතන්නවත් එපා. උබ සෝම්බියෙක් වෙන්න ගිහින් අන්තිමට අර ළමයෙක් ව නලවන්න ගියා වගේ අපිට තමයි නැහෙන්න වෙන්නෙ. එදා ඒ කරපු වැඩෙන් අපි හොද පාඩමක් ඉගෙනගත්තා.😑😑😑🖐️

මොකක්ද?

ආයෙ ළමයෙක් තියා බල්ලෙක්වත් උබ ගාවින් තියලා යන්නේ නෑ කියලා.😑😑

ඒක නෙවේ සිරාවටම සෝම්බිලා ඉන්න වීඩියෝ බැලුවාම සෝම්බියෙක් වෙන්න බැරිද?🙂👍

පිස්සුද යකො? උන් බොරුවක් බං. එහෙම සෝම්බිලා කියලා ජාතියක් නෑ.🙄🙄

සිරාවටම එහෙම නැද්ද?🙄

නෑ බං නෑ එහෙම උන් නෑ. දැන් පලයංකො වද නොදී මේ තේ කහට එක බොන්න දිලා.😐😐

ජුනියා එහෙම කිව්වට කොල්ලා වැඩේ අත්හැරියේ නැහැ. කතාවක් තියෙනවානෙ උත්සහවන්තයා ජය ගනී කියලා. ඉතිං අපෙ කුකියා සෝම්බියෙක් වෙන උත්සහය අත්හැරියෙ නෑ. ඌ එක දිගටම සතියක් ඇසිපිය නොහෙලා සෝම්බි ෆිල්ම්ස් ඩ්‍රාමාස් බැලුවා. සතියක් යද්දි කොල්ලා උත්සහය ජය ගත්තා. කොල්ලා තනිකරම සෝම්බියෙක් වුනා.😏😏

බෝඩිම්කාරයොWhere stories live. Discover now