ලව් ලෙටර් ❤️

838 130 93
                                    

Author's pov

ඉතිං දවසක් ඕන් අපෙ කුකියි ටේයි ගමනක් යනගමන් හිටියා. ඉතිං ඒ පැත්තේ ඉන්න චන්ඩි පොර තමයි මාර සිංහ කියන්නේ. පොරගෙන් බේරිලා යනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. ඉතිං මේ දවස් වල මූ බෝඩිමෙ එහා ගෙදර හිටපු සමන්ලතා ඇන්ටිගෙ දුවට ලයින් දදා හිටියෙ. ඉතිං ඔක්කොම ලියුම් එහෙම යවාගන්නෙ කුකිටයි ටේටයි කියලා තමා. ඉතින් අදත් ඕන් දෙන්නව මාරසිංහයට මාට්ටු වුනා.

මාරසිංහ - අඩේ සැළලිහිණි ජෝඩුව මෙහෙට වරෙන්කො.

කුකී - අඩෝ අර මාරසිංහයා නේද? අදත් පොල්ල තමයි 🙄🙄

ටේ - අදත් සමන්ලතා ඇන්ටිගෙ දුවට අපි ලව්ව ලියුම් යවාගන්න වෙන්න ඇති. නොගිහින් බෑනෙ යමු.😒😒😒

දෙන්නම ඉතින් ගියා.

මාරසිංහ - අඩේ අදත් තියෙනවා බං ලියුමක් යවන්න. 😃

කුකී - කාටද? 😁

මාරසිංහ - අඩෝ මේ.. දැන දැන බබා ආතල් දෙන්න එපා ඩෝ දන්නවනෙ හැටේ වත්තේ මාරසිංහ කියන්නේ කවුද කියලා. මං දෙපාරක් හිරේ ගිහිං තියෙනවා ඩෝ.. හිරෙ කියන්නෙ මට දැන් මහ දෙයක් නෙවෙයි.😏😏😏

ඒ කතාවට නම් දෙන්නම ටිකක් බය වුනා.

ටේ - නෑ අයියෙ ඔයා එක එක දවස්වලට එක එක අයටනෙ ලියුම් යවන්න කියන්නේ.🙄🙄

මාරසිංහ - එහෙම කියලා මට දාහක් නෑනෙ මල්ලී. උබලා දන්නැද්ද මගෙ අලුත්ම කෑල්ල උබලෑ බෝඩිම ගාවනෙ ඉන්නෙ. අන්න ඒකිට ලිව්මක් යවන්න තියෙනවා.😁😁

කුකි - ආ... අර සමන්ලතා ඇන්ටිගෙ දුව හරි හරි අපි යවන්නම්.😊

මාරසිංහ - අඩේ තැන්කියු බං. හැබැයි බං අදාල එකාටම දීපන් හොදේ වෙන උන්ට දෙන්නැතුව. නැත්නම් මං තොපි දෙන්නගෙ කන් පලලා පොල් හිටෝනවා දැනගනින්.දුන්නොත් මම T56පිස්තෝල දෙකක් දෙනවා උබල දෙන්නට.😁😁😏

කුකී - අඩේ ඇත්තටම දෙනවද?😃 නෑ එක්කො ඕන නෑ😒

ටේ - T56 පිස්තෝලයක් නෙවෙයි මට දෙකේ දෙකේ පොල්ලක් දීපන් උබෙ ඔළු ගෙඩියට ගහ ගෙන ගහගෙන යන්න. 😒😒

(ටේ ඒක රහසින් කිව්වා කුකීට විතරක් ඇහෙන්න)

මාරසිංහ - මොකක්ද කිවුවෙ?🤨🤨

බෝඩිම්කාරයොWhere stories live. Discover now