"අද විතරක් නෙවෙයි...අහස හැමදාම ලස්සනයි...මොකද තරු කවදාවත් අහස අතාරින්නේ නෑ...සඳත් පුලුවන් නම් හැමදාම අහස එක්ක ඉදිවී කාලෙකට අතුරුදහන් වෙලා යන දෛවයක් එයාට නොතිබුනා නම්..."

එහෙම කියපු ටේහ්‍යුන්ග් ආපහු අහස දිහා බැලුවා.

"ඒත් අහස හැමදාම සඳ වෙනුවෙන් බලාගෙන ඉන්නවා...මොකද අහස දන්නවා එයා ගොඩක් ආලෝකමත් වෙන්නේ සඳ නිසා විතරයි කියලා...ඒකයි සඳ පායපු අහස වෙනදටත් වඩා ගොඩක් ලස්සන...හරියට අද ඔයා ඒ ලස්සන දැක්කා වගේ..."

එහෙම කියපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ උරහිසින් ඔලුව තියාගත්තේ ජන්කුක්ගේ ඇස්වල කදුලු පිරෙද්දි.

"ඒ කියන්නේ සඳ ආපහු පායනකන් අහස තරු එක්ක ඉන්නවා..."

"ඔව්...අහස හැමදාම ලස්සනට ඉන්නවා එයාගේ සඳ පායන දවසට ලෝකෙම බබළවන්න බලාගෙන..."

ටේහ්‍යුන්ග් හෙමිහිට මිමිණුවා.තමන්ගේ සහෝදරයව හම්බවෙන්න ඉස්සෙල්ලා ජන්කුක්ට ඕන වුනා ටේහ්‍යුන්ග් එක්ක ඉන්න.මොකද ඉස්සරහට වෙන දෙයක් ගැන දන්නේ දෛවය විතරයි.හැබැයි ටේහ්‍යුන්ග් ඕනම දේකට සූදානමින් ඉන්නේ කියලා ජන්කුක්ට ටේහ්‍යුන්ගේ කතාවෙන්ම තේරුනා.

"ජිමින්! ජිමින්! අන්න උල්කාපාතයක්...."

දෙන්නම ජිමින්ලා ඉන්න දිහා බැලුවේ මින්හෝගේ සද්දෙත් එක්ක.

දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් අහසින් කඩන් වැටෙන උල්කාපාතය දැකපු ගමන් ඇස් පියාගත්තු ටේහ්‍යුන්ග් පුංචි ප්‍රාර්ථනාවක් කරා.

'කුකී මෙච්චර කල් ගෙවපු ජීවිතයෙන් එයාව ඈත්කරන්න...එයාට ලස්සන ජීවිතයක් ලබා දෙන්න දෙවියනි....'

ඒ අතරේ නින්ද ගිහින් එහෙට මෙහෙට වැනුන ජිමින්ව උඩ ගිහිල්ලා ඇහැරුණේ මින්හෝගේ සද්දෙත් එක්ක.

"ආශ්...උල්කාපාතයක් වුනත් හෙනහුරා වුනත් මට මොකද?...."

"විශ් එකක් කරන්න...ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ඨ වෙනවා..."

මින්හෝ ඒක කිව්ව ගමන් නිදිමත අතුරුදහන් වෙලා ගිය ජිමින්ගේ ඇස් බෝල වුනා.....

"ඇත්තමද?......"

මින්හෝ ඔලුව වනද්දි අත්දෙක එකට බැඳගත්තු ජිමින් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.ඒ විදිහටම ඇස් පියාගෙන ප්‍රර්ථනා කරපු මින්හෝ හිතින් හිතුවේ.......

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)حيث تعيش القصص. اكتشف الآن