19th Episode

70 19 7
                                    

වලාකුළු අල්ලන්න කියලා හිතාගෙන අහසට දුවපු හැම වතුර මලක් ම අතරමග දි ආයෙමත් පොකුණට වැටුනේ වේගය මදි වෙච්ච හන්දා.. ඒත් වතුර මල නම් උත්සාහය අත අරින පාටක් නෑ.. ආයෙමත් දුවනවා.. මග දි වැටෙනවා.. ඒ වැටෙන වතුර මල් වැටෙන්නේ අහල පහල තියෙන හැම දෙයක්ම මල් තුහින වලින් නාවගෙන.. මෙච්චර වෙලා රැස් වැඩියෙන් පෙන්නපු ඉර ටිකෙන් ටික රැස් අඩු කරන්න පටන් අරගෙන..  මෙච්චර වෙලා ඔන්චිල්ලාවක් එක්ක ඔට්ටු උනු අවුරුදු හතරක පහක පොඩි කෙලි බටිත්තියක් ඔන්චිල්ලාව අත ඇරලා වතුර මල ලගට දුවගෙන ආවෙ එලියට විසි වෙන මල් තුහින වලින් නෑවෙන්න හිතාගෙන..

"ජිසූයා.. පරිස්සමින්.. ඔයා වැටෙයි!"

"දේ ඔම්මා.."

චූටි කෙල්ල එයාගේ ඔම්මට තම්බ්ස් අප් කරලා වතුර මල ලග තිබුණු බංකුවෙන් වාඩි උනේ බංකුවේ කොනක වාඩි වෙලා ඉන්න තරුණ කාන්තාව දිහා බලන ගමන්..

දනිස්සෙන් පහලට තිබුණු තනි කලු ටයිට් ෆ්‍රොක් එක.. ගවුමට ගලපපු කලු පාට හයි හීල්ස් දෙක.. කලු පාට ඉයරින්ග්ස් වගේ ම කලු පාට ලොකු හැට් එක.. තද රතු පාට ලිප්ස් වගේ ම නේල්ස්..

"ආර් යූ අ ඩීමන්?"

පුංචි කෙල්ල ඒ තරුණ කාන්තාවගෙන් ඇහුවෙ කිසි බයක් සැකක් නැතුව.. කොරියාව වගේ රටක අවුරුදු හතර පහක පුංචි කෙල්ලෙක් කිසි නුහුරු ගතියක් නැතුව ඉංග්‍රීසි කතා කරනවා ඇහුන ඒ කාන්තාව බෙල්ල විතරක් හරවලා ඒ පුංචි කෙල්ල දිහා බැලුවේ ඇහි බැමක් උස්සලා..

"වට් ඩූ යූ තින්ක් අ'බවුට් මී?"

"ම්ම්..යූ ලුක් ලයික් එවිල් වුමන්.."

කෙල්ල කියනකොට ඒ කාන්තාවට  කට කොනින් සිහින් හිනාවක් ගියා..

"අයිම් නොට් අ එවිල් වුමන්.. අයි ඈම් අ ඩීමන් බේබී.."

එහෙම කියපු කාන්තාව බංකුවෙන් නැගිටලා ප්ලේ ග්‍රවුන්ඩ් එකෙන් එලියට යනකොට පුංචි කෙල්ල දුවගෙන ගියේ එයාගෙ ඔම්මා ලගට..

ප්ලේ ග්‍රවුන්ඩ් එකෙන් එලියට ආපු තරුණිය පාර්ක් එකේ නවත්තලා තිබුණු තමන්ගේ ලක්ශරි කාර් එකට නැගලා ඔලුවෙ තිබුණු හැට් එක ගලවලා පැත්තකට දාලා ෆෝන් එක අතට අරගෙන කෝල් එකක් ගත්තා..

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now