06th Shadow

107 30 6
                                    

ක්ලබ් එකෙන් එලියට ආපු ජින් කාර් එකට නගින්න හදලා ඊට ඉස්සරහින් නවත්තලා තිබුන BMW එක දිහා බලාගෙන හිටියා..

"මොකක්ද ප්‍රශ්නෙ සර්"

කාර් එකෙන් බැහැපු සන්ශික් ජින්ගෙ ලඟට ඇවිත් ඇහුවා..

"ඔය ඉස්සරහ තියෙන කාර් එකේ කවුද ආවේ සන්ශික්"

"ආවේ නම් ලේඩි කෙනෙක් ඒත් මං මූණනං දැක්කෙ නෑ සර්"

"මොකක්ද ඇඳගෙන හිටියේ?"

"බ්ලැක් කලර් ටයිට් ස්කර්ට් එකට වයිට් කලර් බ්ලවුස් එකක් යට කරලා බ්ලැක් කලර් දිග ග්ලවුසුත් මේසුත් දාලා හිටියෙ සර්"

සන්ශික් විස්තර කරනකොට ජින්ට මීට අවුරුදු හතරකට කලින් කෙනෙක් කියපු දෙයක් මතක් වුණා..

Before 04 years

"ඔයා දන්නව ද ජින්.. ඔයා ආසම බෙන්ස් එකට වුණාට මම ආසම BMW එකට.. දවසක මමත් ඔයා වගේ තැනකට ඇවිත් මම ආසම BMW එකේ හැම තැනම රවුම් ගහනවා.."

"හරි හරි එදාට තමුසෙට ඕන හැම තැනම රවුම් ගහනවා.. හැබැයි දැන් නිදාගන්නවා... තමුසෙ හොදට ම බීලා.."

"ම්ම් හාම්.."

In the present

"තමුසෙගෙ BMW එක තමුසෙ වෙනුවෙන් තාම බලාගෙන ඉන්නවා.."

"සර්?"

"අහ්? අනියෝ.. වාහනේ ගන්න.. අපි යමු.."

"දේ සර්"

සන්ශික් ආයෙත් ගිහිං ඩ්‍රයිවින් ශීට් එකට නගිනකොට ජින් පැශෙන්ජර්ශීට් එකෙන් වාඩි වුණා..

ඒත් එක්කම ක්ලබ් එක ඇතුලේ ඉදන් ආපු කෙල්ලෙක් ඉස්සරහ තිබුන කාර් එකේ රෝදෙට කකුලෙන් ගහගෙන ගහගෙන ගියේ කේන්තියෙන්..

ඒ දිහා විමසිලිමත්ව බලාගෙන හිටපු ජින්ට යන්තම් ආඩම්බරකාර හිනාවක් ගියා..

කෙල්ල රෝදෙට ගහලා ගහලා කාර් එකට හේත්තු වෙනකොට ගාඩ් කියන්න පුලුවන් පිරිමි කෙනෙක් ඇඟට දාපු බ්ලෙසර් එක අල්ලගෙන වාහනේට නැග්ගා.. ඒ ක්ෂණයෙන් ඒ කාර් එක එතනින් පිට වෙනකොට ජින් සන්ශික්ට යමු කියලා කිව්වා..

Gayong's pov

රයන් වාහනේ උපරිම වේගෙන් ඩෝම් එකට අරගෙන එනකල් මම හිටියෙ පුදුම ඉවසීමෙන්.. රයන් ගේට් එකෙන් කාර් එක ඇතුල් කරනවත් එක්කම වාහනෙන් බැහැපු මම ඉක්මනට ගේ ඇතුලට දිව්වා.. කාමරේට දුවපු මම දොර ලොක් කරලා දොරට හේත්තු වෙලා බිමින් වාඩි වුණා.. ඒ වෙලාවෙ තමයි මට හුස්මක් ගන්න පුළුවන් උනේ..

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now