12th Episode

81 19 10
                                    

මැඩම් කෝල් එකක්.."

ඒ අතරෙ රයන් දුවගෙන ඇවිත් ගායොන්ට ෆෝන් එක ගෙනත් දෙනකොට කෝල් ස්ක්‍රීන් එකේ නම දැකපු ගායොන්ගෙ මූණ අඳුරු වෙන්න ගියෙ තත්පරයටත් අඩු කාලයක්..

_______

හොඳ හුස්මක් ගත් ගායොන් කෝල් එක ආන්සර් කලේ ඇඳෙන් වාඩි වෙන ගමන්.. ගායොන්ගෙ මූණෙ තිබුණු බැරෑරුම් පෙනුම දැකපු රයනුත් රෝස්ත් ගායෝන්ව කාමරේ තනි කරලා පිට උනා..

"යොබුසෙයෝ"

"මිස් මූන් ගායොන්! මම පාර්ක් ජීමින්! ඔයා නිසා ඇක්සිඩන්ට් උන ජියෝන් ජන්ග්කුක්ගෙ හ්යොන්ග්!"

ජීමින්ගේ තර්ජනාත්මක ගැඹුරු කටහඬ නිසා ගායොන්ගෙ මූණ තවත් අඳුරු වෙන්නත් කණගාටුවක් ඇති වෙන්නත් පටන් ගත්තා..

"අයිම් සොරි ජීමින්.. ඒක- ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි.."

පිලිතුරක් වෙනුවට ජීමින්ගෙන් ලැබුණෙ සිනහවක් විතරයි.. වියරු සිනාවක්!

"මං තමුන්ට කෝල් කලෙ තමුන්ගෙන් නිදහසට කරුණු අහන්න නෙවෙයි ගායොන්! මට තමුන්ව හම්බවෙන්න ඕන"

ගායොන්ගෙ දෑස් විසල් වෙන්න වැඩි වෙලාවක් ගත උනේ නෑ..

"ම-මාව හම්බෙන්නෙ මො-මොකටද?"

"ඒක හම්බුනා ම මම කියන්නං! එන්න ඕන තැන වෙලාව මම තමුන්ට ටෙක්ස්ට් කරන්නං.. හැබැයි තමුන් ආවේ නැතොත්.. ඒක ඒ වෙලාවට බලා ගමු.."

ගායොන් කිසිවක් කියන්නට පෙර ජීමින් කෝල් එක කට් කරා..

බීප් බීප්

Dark narrow restaurant
07.00 P.M.

ජීමින්ගෙ මැසේජ් එක බලපු ගායොන් පපුව පුරවලා හුස්මක් පිට කරලා ෆෝන් එක ඇඳ මතට විසි කරලා එහෙම්ම ම ඇඳේ හාන්සි උනේ දරාගන්න බැරි වේදනාවක් බයක් වගේ ම අමුත්තක් හිත වෙලා ගනිද්දී..

_______________

"ඇයි තමුසෙට අපේ පස්සෙන් එන්න බුලත් දෙන්න ඕනද?"

යුන්ගි කේන්තියෙන් තවමත් වාහනේ ලඟ නතර වෙලා වටපිට බලන මින්හොගෙන් ඇහුවා..  යුන්ගිගෙ සද්දෙට මින්හෝ ඉක්මනට එයාලා ලඟට ආවේ පලවෙනි දවසෙ ම ලෙඩක් දාගන්න ඕන නැති නිසා..

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now