03rd Shadow

123 32 6
                                    

කම්පැනි එක ඉස්සරහ කාර් එක නවත්තනකොට ඉනටත් අතක් තියං බලං උන්නු සූ ජින්ට රවලා කාර් එකේ ඉස්සරහ ශීට් එකෙන් වාඩි උනා.

'මං මේ ඇත්ටමයි කියන්නෙ මිස්ටර් ජින් ඔයාගෙ ටයිමින් නම් අන්තිම නරකයි.."

අත් ඔරලෝසුව දිහා බලන ගමන් කියපු සූ සන්ශික් දිහාට හැරුනා..

"එතකොට මිස්ටර් සන්ශික් ඔයාගෙ ඩ්‍රයිවිනුත් අන්තිමයි.. "

"මොහ් තමුන් කොහොමද එහෙම කියන්නේ?"

"කියන්නෙ ද? කියන්නෙ ජින් මට කියපු වෙලාවට වඩා විනාඩි දෙකක් පරක්කුයි.. "

" මං තමුන්ගෙ බොස් සූයා..! "

" අයි ක්නො.. බට් බොස් නෙවෙයි ප්‍රසිඩන්ට් හිටියත් මට කියන්න ඕන දේ මම කියනවා.. අනිත් එක මම වෙලාවට වැඩ කරන කෙනෙක්!"

" සන්ශික් කොහෙන්ද ඕයි මේක හොයා ගත්තෙ?"

"ආ මේ මිස්ටර් ජින් එයාට මුකුත් කියන්න එන්න එපා හරි ද .. අනිත් එක ඔයානෙ මාව කම්පැනි එකට බඳව ගත්තෙ එයා නෙවෙයි නෙ.."

"තමුන් කොයි වෙලෙ හරි කම්පැනි එකෙන් එලියට බහින්නෙ ඔය කට නිසාම තමා සූ අන්න ඒක මතක තියා ගන්නවා..!!!!"

"ඕකේ ඕකෙ අපි ඒක එවෙලෙට බලමුකො.."

සූයාගෙ කතා කරන විදිහ නිසා ජින්ට කන රත් වෙන්න පාරක් දීලා කම්පැනියෙන් එලියට ඇදලා දාන්න තුන් හතර පාරක් ම හිතුනත් කෙල්ලගෙ attitude එකට ජින් ආස උනා.. එකට එක කියාගෙන යන වැරද්දක් කලොත් ඒක දෙපාරක් නොහිතා පිලිගන්න කාටවත් ලේසියෙන් ඔලුව නවන්නෙ නැති ආඩම්බරකාරියක් උනු සූයා කම්පැනි එකේ හැමෝගෙම වගේ හිත දිනා ගන්න සමත් උනා.. සූයාගෙ දක්ෂතාවයත් ජින්ට සූයාව නතර කරගන්න හේතුවක් උනා.. ඒ නිසා ම සූයා දැං ජින් ගෙ ප්‍රයිවට් සෙකට්‍රි..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Black Shadow season 2|| KSJ||Where stories live. Discover now