04th Shadow

120 33 8
                                    

"මිස්ටර් හන්!"

"සර්"

"සූයා ඔය වයින් ග්ලාස් එක මිස්ටර් හන්ට දෙන්න බොන්න කියලා"

"දේ සර්"

ජින් කියන දේවල් හන්ගෙ හිතේ සැකයක් ඇති කලත් කරන්න දෙයක් නැති කමට සූයා දීපු වයින් ග්ලාස් එක අරගෙන එක උගුරට බීලා දැම්මා..

වයින් බීපු හන්ගෙ මූණෙ ඇති වෙන වෙනස දිහා ජින් බලාගෙන හිටියෙ හිස් බැල්මකින්.. මූණ ඇඹුල් කරගත්තු හන් අතෙ තිබුණු ග්ලාස් එක ටේබල් එක උඩින් තියලා ජින් දිහා බලනකොට ජින් තමන්ගෙ බ්ලෙසර් එකේ තිබුන ගන් එක ටේබල් එක උඩින් තිබ්බා..

"තමුන් දන්නවනෙ මං වටෙ යන්න කැමති නෑ කියලා! ඒ නිසා කෙලින්ම කාරණේට එමු!"

"දේ සර්"

"මාස තුනකට කලින් ඉදන් අද වෙනකල් මේ හොටෙල් එකට ගෙන්නපු වයින් වලට මොකක්ද උනෙ?"

"මේ තියෙන්නේ ඒ වයින් තමා සර්"

"ශුවර්?"

"දේ සර්"

"එහෙනම් කොහොමද මිනිහො වයින් වල විකිණීම අඩු උනෙ?"

"ම මං දන්නෑ ස සර් දැං එන කස්ටර්මර්ස්ලා වයින් වලට වඩා ලිකර් වලට තියෙන කැමැත්ත වැඩී"

"චින්චා? එහෙනම් ඇයි ලිකර් වල විකිණීම වැඩි වෙලාවත් අඩු වෙලාවත් නැත්තෙ?"

ඔය අතරේ රූම් එකේ දොර ඇරගෙන ආපු ටේයොන් ජින්ගෙ අතට ටැබ් එකක් දීලා සූයාවත් එක්කගෙන රූම් එකෙන් එලියට ගියා..

ටේයොන් දුන්නු ටැබ් එකේ තිබුණු සීසීටීවී ෆුටේජස් ටික එකින් එක ප්ලේ කරපු ජින් ටැබ් එක පැත්තකින් තියලා ආයෙත් හන් දිහා බැලුවා..

"තමුන් දන්නවද මං ඒ මොනවද බැලුවෙ කියලා?"

"අ අනී සර්"

හන් එහෙම කියනකොට ටේබල් එක උඩ තිබුණු ගන් එක අතට ගත්තු ජින් සෝෆා එකෙන් නැගිටලා හන්ගෙ වටේ ඇවිද්දෙ හන් බයටම ඇස් දෙක තද කරලා වහගන්න කොට..

"මට හම්බුනා වයින් වල විකිණීම අඩු වෙන්න හේතුව! ඒ නිසා මං හිතුවා තමුන්ව නිදහස් කරන්න"

ජින් එහෙම කියනකොට මෙච්චර වෙලා බිම බලාගෙන ඇස් දෙක තද කරලා වහගෙන හිටපු හන් ඔලුව උස්සලා තමන්ගෙ පිටිපස්සේ හිටපු ජින්ගෙ පැත්ත හැරුනෙ සතුට පිරුණු හිනාවක් එක්ක උනත් ගන් එක තමන්ගෙ ඔලුවට එල්ල කරගෙන ඉන්න ජින්ව දැක්කාම හන්ට දාඩිය දාන්න ගත්තා..

Black Shadow season 2|| KSJ||Where stories live. Discover now